




මෙරට ප්‍රථම විධායක ජනාධිපති දිවංගත ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 23 වන ගුණානුස්මරණය නිමිත්තෙන් කොළඹ ජයවර්ධන කේන්ද්‍රය මගින් සංවිධානය කළ දානමය පිංකමක් එම කේන්ද්‍රය පරිශ්‍රයේ දී අද (29) පැවැත්විණි.
ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ බිරිඳ අභාවප්‍රාප්ත එලීනා ජයවර්ධන සහ පුතණුවන් වූ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිර්මාතෘ අභාවප්‍රාප්ත රවී ජයවර්ධන යන මහත්මීන් ද මෙහිදී සිහිපත් කෙරිණි.
තිඹිරිගස්යාය අශෝකාරාමයේ විහාරාධිකාරී ඇහැළියගොඩ ධම්මසිද්ධී ස්වාමීන්වහන්සේගේ ප්‍රදානත්වයෙන් දානමය පිංකම පැවැත්විණි.
මේ අවස්ථාවට කථානායක කරු ජයසුරිය, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක , ජේ.ආර්.ජයවර්ධන මහතාගේ මුණුබුරු ප්‍රදීප් ජයවර්ධන , ජයවර්ධන කේන්ද්‍රයේ ලේකම් ජනරාල් නිහාල් හේවගේ යන මහත්වරු මෙන්ම ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් පිරිසක් ද එක්ව සිටියහ.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නායකයින්ට බණ අහද්දී ඇයි බැරි බිම වාඩිවෙන්න ..?
මට මතක්වෙන්නෙම ඡන්දෙන් පැරදුණු හෙන්චයියලා පස්ස දොරෙන් ගන්න පුළුවන් විදිහට පාර්ලිමේන්තුවත් රවට්ටලා හදපු සටකපට ව්‍යවස්ථාව ගැනයි. ඒ කාලේ හිටපු නඩුකාරයෝ ඒක අනුමත කළා විතරක් නෙමෙයි පසුව ඒ ව්‍යවස්ථාව අභියෝගයට ලක්වුණු වෙලාවේ හිටපු නඩුකාරයෝ ඒ අභියාචනය අහන්නවත් බය වුණා. තමන්ගේ පුර්වගාමීන් කරපු වැරැද්ද එළිවෙනවට බය වුණා. මේක බහුබූත ව්‍යවස්ථාවක් කියලා කියපු උදවියත් කලේ ඒකෙම එල්ලිලා බලය රැකගන්න හදපු එක විතරයි. ඒ අනුව, තමන්ගේ රටට ගැලපෙන ව්‍යවස්ථාවක් හදපු ජේ.ආර්. ව සමරන්නම ඕන තමයි. 'රටකට ලැබෙන්නේ ඒ රටේ ජනයාට ගැලපෙන ආණ්ඩුවකි".
එයා මහා ඉහලින් විවෘත කරපු ආර්ථිකේ තමයි අද වලපල්ලට ගිහින් තියෙන්නේ රටත් එක්කම