(අංජුල මහික වීරරත්න)
ජනතා විමුක්ති පෙරමුණත් රටේ බලය ඉල්ලන්නේ අත්හදා බැලීම් කරන්නැයි ද එවැනි අත්හදා බැලීම් කරන්නට ගෝඨාභය රාජපක්ෂ ගෙනවිත් හොඳ පාඩමක් ඉගෙනගත් ජනතාවට තවත් පාඩම් අවශ්‍ය නැතැයි ද ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.
රටට දැන් පරිනත නොවන දේශපාලන නායකත්වයක් වැඩක් නැතැයි කී මාරසිංහ මහතා පරිනත නැති දේශපාලකයන්ට වැඩ බැරි බව ලංකාවේ මෙන්ම ලෝකයේ ද ඔප්පු වී තිබෙන බව සඳහන් කළේය.
යුරෝපා සංගමය සමඟ එකතු වී ව්ලැඩිමීර් සොලෙන්ස්කි යුක්රේන බලය ගත් නමුත් අද යුද්ධයක් නිසා ඔහුගේ පාලනය නැත්තටම නැති වී ඇතැයි මාරසිංහ මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ පාලන බලය ගෙන ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් දෙන්නේ කෙසේදැයි කිසිම වැඩපිළිවෙළක් ඉදිරිපත් කරල නැති බවද ආශු මාරසිංහ මහතා සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී ආශු මාරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාව ඇත්ත... අනුර කියන්නේ ගොඩයෙක් .. Gota Part -2 වේවි...
කමක් නැහැ. ඔබලා වගේ හොරා නොකා...!
බල්ලෙක් එහෙම හමුවුණේ නැද්ද
පරිණතයි කියලා හිතාගෙන හිටපු බලලෝබි දූෂිත නායකයා රටට කරපු විනාසේ ලෝකෙම දන්නවා .පරිණත කියලා හිතාගෙන ඉන්නේ හොරකම වන්චා දූෂණ බොරුව කපටිකම ගේම් ගැහිලි රැවටිලි වලට වෙන්ඩ ඇති .
ගෙදර හදපු බලු පැටියාව ලිංගික අපයෝජනය කරපු ආශු ගැන තව මොන කතාද ?
පරිණතයි කියන අය කරපු දේවල් ඇස් පනාපිටම දකින්න තියෙනවා. මහින්ද චින්තනය, තාරුණ්‍යයට හෙටක්, දැනුමේ කේන්ද්‍රස්ථානය, දර්මිස්ඪ රාජ්‍යයක්, යහ පාලනේ, ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යෙය් දැක්ම කියපු අය රටම හොරාකාලා, විනාශ කරලා, අපරාධ, කුඩුවලින් නම් අඩුවක් නැති රටක් කරලා හමාරයි... ලෝකෙටම ණයකාරයෝ කරලා දැන් හිඟාකනවා.
ඔය පරිණත කියන සැට් එක මේ දක්වා කෙලලා තියන කෙලිල්ල දිහා බලනකොට ආංශු මහත්තයාට නොතේරුණාට අපට නම් ඕක හොඳට තේරුම් ගන්න පුළුවන්. ඕක සිරිකොත අතුලේදී කිව්ව එක හොඳයි. එළියට ඇවිල්ලා කිව්වා නම් මිනිස්සු ඔබතුමාට ගස්සන්නේ සුනඛයින් දාලා...
ගොඩයෝ නොරට කරලා ඉංදියාවේ හිගන්නුන්ගෙතුත් ආධාර ගන්න තත්වයට රට පත්කළා. ජ.වි.පෙ. බලය අරගෙන තිබෙන සමුපකාර සමිතිවල කොතරම් වර්ධනයක් තිබෙනවාද සොයලා බලන්න. ජ.වි.පෙ. රට සංවර්ධනය කරනවාට බය සහ අකැමති අය කියන කතා වලට ජනතාව අහුවෙන්නේ නැහ තවත්.
ප්‍රධාන පක්ෂ දෙක අවුරුදු 70 ක් තිස්සේ රට කෑවනේ ඒක නිසා මේ පාර ජ.විපෙට දීලා බලනවා.
නාගරික රිචඩ් ද සොයිසා ගෙ ඉදලා ගමේන් ආපු කැම්පස් කොල්ලො න් ගෙ ඉද්ලා බටලන්ද දක්වා ම ත් මහවැලි ඉදිකිරීම් වල ඉද්ලා මහබැංකු මංකොල්ලය ද්ක්වාත් වැරදි කරුව්න් සොයාගත නොහැකි පරිදි අවසන් කිරීමට තරමටම පරිනතයි.
රටේ සියලු ප්‍රශ්න "හොරකම"ට ඌණනය කිරීම ම ජවිපෙහි ඇති නොමේරෑ බොළඳ බවට උදාහරණයකි. එසේම, ජවිපෙ අන්ධ අනුගාමික එහෙයියන් එය විශ්වාස කිරීමම ජවිපෙට පාරා වළල්ලක් වනු ඇත. ජවිපෙ ව්රෝධී අදහස්වලට අකැමැත්ත පල කරන "ක්ලික් හමුදාව" නම් මුදලට වැඩ කරන අහිනක් නිසා ඒ ගැන කරදර විය යුතු නැත. එසේම, 88/89 සමයේ ගෙවල්වල බත් මුට්ටි පවා හොරකම් කළ, චන්ද්‍රිකා සමයේ වැව් 1000න් ගසා කෑ ජවිපෙට, 2010 සරත් ෆොන්ගේ චන්ද සටනේ දී ඩොලර් සොරකම් කළ ජවිපෙට, විජේදාස රාජපක්ෂ ගෙන් වැසිකිලියක දී මුදල් ගත් ජවිපෙට, වැඩවර්ජන තර්ජන කර කොම්පැනිවලින් කප්පම් ගන්නා ජවිපෙට පාරිශුද්ධ ලේබල් ඇලවිය හැක්කේ ආතක් පාතක් නැති "රෝං ජෙනරේෂන්" හාදයන්ට පමණි.
තමන් පුද්ගලිකව උපයගත්තු දේගැන කියන්නෙ නැහැ. ඒත් තමුන් වගේ එවුන් පාර්ලිමේන්තුවට එපා.. ඡන්දෙ තිව්වම මිනිස්සු තීරණය කරාවි තවුද යවන්න ඕන කියල... තමුන්ට බැහැ ඒව තීරණය කරන්න.
පලපුරුදු අය මෙච්චර කල් කරලා තියෙන්නේ රට බංකොළොත් වෙනකම්ම. යන දිහාවක යන්න...!
පාර්ලිමේන්තුවට ඩබල් බෙඩ් මෙට්ට ගෙනාවද දන්නේ නෑනේ..!
අහිංසක තිරිසන් සත්තු එක්ක අත්හදාබැලීම් කරන්න ගියානේද?
ඡන්ද වලට බයේ බුරනවද?
ජෙප්පෝ හීන දකිනවා ආණ්ඩු හදන්න...!
පළපුරුදු අය බලයට පත් නොවී මොකුත්ම නොකර හිටියත් රට මිට වඩා හොඳ තැනක තියේවි.
රනිල්ලාට, රාජපක්ෂලාට රැවටෙන අය ඉන්නවා නම් තවත් මේ රටේ තවත් සිටීමෙන් පලක් නැහැ. අපි තවමත් ඉන්නේ 2024 දී වත් මේ හොර හැත්ත පන්නන්න පුළුවන් වෙයි යන විශ්වාසෙන්. මාලිමාව හැරුණු කොට තවත් එක් පක්ෂයක්වත් විශ්වාස කරන්න බැහැ. පරිණත අය කරලා අපිට කෙලවපු තරම හොඳටෝම ඇති. ඔවුන් පරිණත නෙවෙයි නරිපත, පත නරි ටිකක්!.
2015-2019 මෙයාගේ පරිණත නායකයා අරන් තියෙන ණය කන්දම ඇති මේ ගොල්ලන්ගේ පාලනය ගැන තීරණයක් ගන්න...!