
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකුගේ නිල මුද්‍රාව භාවිතා කරමින් විවිධ පුද්ගලයින්ට මත් පෙති මිලදී ගැනීමට අවශ්‍ය තුන්ඩු ලබා දීමේ යෙදුණු තරුණයකු එසේ ලබා ගත් මත්පෙති, අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ නිල මුද්‍රාව සහ හෙරොයින් පානය කිරීමට උපයෝගී කරගත් උපකරණයක්ද සමඟ අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය කියයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලදෙනිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .
මත්පෙති දෙකක් සමග නාල්ල ප්‍රදේශයේ තරුණයකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සතුව තිබී වෛද්‍යවරයෙකු නිකුත් කළ රිසිට් පත් පහක් හමුවීමෙන් පසු සිදුකෙරුණු පරීක්ෂණයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත .
වෛද්‍ය උපදේශ සහිත රිසිට්පත් නිකුත් කළ මාලදෙනියේ තරුණයාගේ නිවස පරීක්ෂා කිරීමේ දී වයඹ පළාතේ ප්‍රසිද්ධ රෝහලක අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාගේ නිල මුද්‍රාව ද වෛද්‍ය උපදේශ සටහන් කරන ලිපි ශීර්ෂ ද සොයා ගැනීමට පොලිසියට හැකි වී ඇත .
කොටදෙනියාව ප්‍රදේශයේ ආයතනයක වෛද්‍ය වරයෙකු යටතේ සේවය කරන ඖෂධ වේදියෙකු විසින් මාලදෙනියේ තරුණයාට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ නිල මුද්‍රාව සහිත ලිපි ශීර්ෂයක් ලබා දී ඇතැයි විමර්ශන වලදී අනාවරණය වී ඇත .
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජේ එම් ඔ නිල මුද්‍රාවෙන් මත් පෙති බෙදලා