
(දිනේෂ් සමරකෝන්)
හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා නිර්මාණය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දුර්වල කිරීම නිසා එහි විපාක හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුට විඳීමට සිදුව ඇති බව ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ මුණුපුරෙකු වන ප්‍රදීප් ජයවර්ධන මහතා පැවසීය.
කොළඹ ජේ.ආර්.ජයවර්ධන මධ්‍යස්ථානයේ දී පැවති මෙරට පළමු විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 119 වැනි ජන්ම දින උත්සවය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එම අවස්ථාවේදී ප්‍රදීප් ජයවර්ධන මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"අපේ වටේ තිබෙන අනිත් රටවල් වල ඇති තත්ත්වය අපි දකිනකොට අපි හැමදෙනාටම තේරෙනවා එතුමා හදපු ව්‍යවස්ථාව නිසා අද අපේ රටේ කිසියම් ප්‍රශ්නයක් තිබුනත්, අපි ඒකෙන් ආරක්ෂා වෙලා ආණ්ඩු ක්‍රමය කැඩී බිඳී යන්නේ නැතිව පවත්වාගෙන යන්න පුලුවන්. ඒක අපි අගය කරන්න ඕනී. ඒ වගේම මේ ව්‍යවස්ථාව දුර්වල කලා නම් ඒ දුර්වල කිරීම නිසා අද හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් ඒ දුර්වල කිරීමේ විපාකය විඳිනවා. ඒකෙනුත් අපිට පාඩමක් තිබෙනවා. එතුමා හදපු ශක්තිමත් ව්‍යවස්ථාව හා ශක්තිමත් ආණ්ඩුක්‍රමය අප ආරක්ෂා කර ගත යුතු බව."
(ඡායාරූප: ගයාන් අමරසේකර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතකයි 1977 දී ජේ. ආර්. දිනපු වෙලාවේ පත්තරේ එක පින්තුරයක් තිබුණ එයාපොර්ට් එකේදී මෙයා ජේ.ආර් රට ගිහින් එනකොට ගෙනාපු චොකලට් එකක් ඉල්ලා ගන්නවා. ඒ කාලේ කොට කලිසමක් ඇඳන් හිටපු පොඩි එකා. දැන් ඉතින් එයත් අපි වගේම වයසට ගිහින් කාලේ ගතවෙච්චි හැටි.
දැන් ලෝකේ දියුණුයි. ඉස්සර හිටපු මෝඩ ජනතාව තවම. ඉන්නෙ නමගිය පක්ෂ දෙක විතරයි. ජේ ආර්. ව්‍යවස්ථාව හදනකොට බලයට ආපු රට විනාස කෙරුවොත් මරණ දඩුවම නියම කරපු නැති එකයි ප්‍රශ්නෙ. රටත් කාකා උනුත් යහමින් වැජබීලා. නාකි හම්පඩ ගෙදර ඇරියමත් සැප දෙන්න. එංගලන්තයේ. ඇමරිකාවේ නැති දේවල්. දුගි දුප්පත් රටවලට. මුන් හිතන්නෙ බලය ලැබුණම රටේ ජනතාව වහල්ලු කියලා.
මට මතකයි ඒ කාලේ ජේවීපි එකේ සටන් පාඨයක්. නාකියා වියරුවෙන් ඡනතාව සීරුවෙන්.
ජේ ආර්, ජේ ආර්, ජේ ආර්… වෙන කෙනෙක් නැතිද කතා කරන්න? නම අහද්දිත් ඇඟේ මාලු නටනවා.”
ජේ.ආර්.ගේ වයවස්ථාවෙන් ගෑණියෙක් මිනිහෙක් කරන්න බෑ කිව්වා මතකයි, හැබැයි මිනිසුන් නම් ගෑනු කළා නේ.