IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජේ.ආර්ගේ ව්‍යවස්ථාව වෙනස් කිරීමේ විපාක පේනවා

(දිනේෂ් සමරකෝන්)

හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා නිර්මාණය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දුර්වල කිරීම නිසා එහි විපාක හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුට විඳීමට සිදුව ඇති බව ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ මුණුපුරෙකු වන ප්‍රදීප් ජයවර්ධන මහතා පැවසීය.

කොළඹ ජේ.ආර්.ජයවර්ධන මධ්‍යස්ථානයේ දී පැවති මෙරට පළමු විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ 119 වැනි ජන්ම දින උත්සවය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එම අවස්ථාවේදී  ප්‍රදීප් ජයවර්ධන මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

"අපේ වටේ තිබෙන අනිත් රටවල් වල ඇති තත්ත්වය අපි දකිනකොට අපි හැමදෙනාටම තේරෙනවා එතුමා හදපු ව්‍යවස්ථාව නිසා අද අපේ රටේ කිසියම් ප්‍රශ්නයක් තිබුනත්, අපි ඒකෙන් ආරක්ෂා වෙලා ආණ්ඩු ක්‍රමය කැඩී බිඳී යන්නේ නැතිව පවත්වාගෙන යන්න පුලුවන්. ඒක අපි අගය කරන්න ඕනී. ඒ වගේම මේ ව්‍යවස්ථාව දුර්වල කලා නම් ඒ දුර්වල කිරීම නිසා අද හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් ඒ දුර්වල කිරීමේ විපාකය විඳිනවා. ඒකෙනුත් අපිට පාඩමක් තිබෙනවා. එතුමා හදපු ශක්තිමත් ව්‍යවස්ථාව හා ශක්තිමත් ආණ්ඩුක්‍රමය අප ආරක්ෂා කර ගත යුතු බව."

(ඡායාරූප: ගයාන් අමරසේකර)

 



අදහස් (2)

ජේ.ආර්ගේ ව්‍යවස්ථාව වෙනස් කිරීමේ විපාක පේනවා

ජනරළ Thursday, 18 September 2025 01:19 PM

මට මතකයි 1977 දී ජේ. ආර්. දිනපු වෙලාවේ පත්තරේ එක පින්තුරයක් තිබුණ එයාපොර්ට් එකේදී මෙයා ජේ.ආර් රට ගිහින් එනකොට ගෙනාපු චොකලට් එකක් ඉල්ලා ගන්නවා. ඒ කාලේ කොට කලිසමක් ඇඳන් හිටපු පොඩි එකා. දැන් ඉතින් එයත් අපි වගේම වයසට ගිහින් කාලේ ගතවෙච්චි හැටි.

:       1       0

චතුරි Thursday, 18 September 2025 03:19 PM

දැන් ලෝකේ දියුණුයි. ඉස්සර හිටපු මෝඩ ජනතාව තවම. ඉන්නෙ නමගිය පක්ෂ දෙක විතරයි. ජේ ආර්. ව්‍යවස්ථාව හදනකොට බලයට ආපු රට විනාස කෙරුවොත් මරණ දඩුවම නියම කරපු නැති එකයි ප්‍රශ්නෙ. රටත් කාකා උනුත් යහමින් වැජබීලා. නාකි හම්පඩ ගෙදර ඇරියමත් සැප දෙන්න. එංගලන්තයේ. ඇමරිකාවේ නැති දේවල්. දුගි දුප්පත් රටවලට. මුන් හිතන්නෙ බලය ලැබුණම රටේ ජනතාව වහල්ලු කියලා.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31306 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13500 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10997 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 108 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 933 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site