
(නිමල් ජයරත්න)
පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පුලස්තිපුර පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයට අනුයුක්තව රාජකාරි කටයුතු කළ පොලිස් සැරයන් 53419, එච්.එම්. රත්නපාල යන පොලිස් නිලධාරියකු බවද ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කරන පුලස්තිපුර පොලිසියේ පොලිස් නිලධාරියෙක් අප කළ විමසීමකදී සඳහන් කලේය.
මෙම හදිසි මරණය පිළිබඳව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත පුලස්තිපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම නිලධාරියා සේවයේ යෙදී සිටිද්දී මියගිය නිසා ඔහුට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව ලැබිය හැකි සියලු දීමනා යැපෙන්නට නොපමාව ලබාදීමට බලධාරීන්ගේ අවධානයට යොමුවේවා..!