(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත් පාලන ඡන්දයට සල්ලි තිබෙන බවත් සල්ලි ඉල්ලා අධිකරණ ගාණේ යන්නේ නැතුව නිදහසේ වැඩ කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට දැන් හැකියාව ඇති බවත් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය
ඔහු මෙසේ පැවසුවේ එම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය.
රජය මැතිවරණය ප්‍රමාද නොකර පවත්වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ආචාර්ය චන්දන අබේරත්න මහතා මෙසේද පැවසීය.
සල්ලි ඉල්ල ඉල්ලා අධිකරණ ගාණේ යන්නේ නැතුව ඔවුනට නිදහසේ කටයුතු කරන්න දැන් අවස්ථාව තියෙනවා. පළාත් පාලන ඡන්දයේදී නාම යෝජනා බාර දුන් අපේක්ෂක අපේක්ෂිකාවන්ට යම් යම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. සමහරුන්ට නිවාඩු අහිමි වුණා. සමහරුන්ට තවම වැටුප් ගෙවලා නෑ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd