(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කටයුතු සදහා රුපියල් කෝටි 77ක මුදලක් මේ මාසයේදී ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

පළාත් පාලන මැතිවරණයේ මූලික වියදම් සදහා එපමණ මුදලක් යන බව ඇස්තමේන්තු කර ඇත. මෙම ඉල්ලීම කර ඇත්තේ ඒ අනුවය.

මෙම මුදල එකවර හෝ වාරික වශයෙන් ලබාදීමට පියවර ගන්නා ලෙසද මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

මැතිවරණ වියදම් වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය මෙයට පෙර රුපියල් කෝටි හතරක පමණ මුදලක් මැතිවරණ කොමිෂන් සභාවට ලබා දුන්නේය.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ සම්පූර්ණ කටයුතු සඳහා රුපියල් කෝටි 400 ක පමණ මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.