
(මුදිතා දයානන්ද)
පළාත් පාලන මැතිවණයට ඉදිරිපත් වු රාජ්‍ය සේවකයින්ට නැවත තමන් රාජකාරී කළ ස්ථානවලම සේවයට වාර්තා කිරිමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට අද (24) සංදේශයක් භාර දුන්නේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහලේකම් දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල හා කොළඹ මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායක එම්.එච්. මන්සිල් මහත්වරුන් ඇතුළු 2023 පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් පිරිසක් එක්ව සිටියහ.
නිදහස් චතුරස්‍රය අසළ සිට පා ගමනින් පැමිණ පිරිස අමාත්‍යංශ්‍ය ඉදිරිපිට රැදී සිටි අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇතුලු පිරිසක් අමාත්‍යංශයේ ලේකම් හමුවී සංදේශය භාරදීම සඳහා අමාත්‍යංශය වෙත ගියහ.
(ඡායාරූප ළහිරු හර්ෂණ )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු නැත්නම් ෂෝක් ඇත්තටම රජයේ සේවයේ සිටගෙන සමහරක් එවුන් මෙහෙම ඉදිරිපත් වෙලා තියෙන්නෙ දිනන්න නොවෙයි තමා අදහන දේශපාලුවො සදහා සහාය වීමට හා අමතරව ආදායමක් උපයා ගැනීමට තමයි මම දන්න කෙනෙක් ඉදිරිපත් වෙනවා මිනිහට දේශපාලුවො සමස්ත ලංකා සාම විනිසුරු හා පොලිස් සම්බන්ධීකරණ නිළධාරි වගේ තනතුරු දීලා තියෙනවා ඉතින් ඔහු තමන්ගෙ රාජකාරි පවා හරියට කරන්නෙ නැහැ මම ඇහුවා නුඹ ඡන්දෙ කරන්න ගියාම කන්නෙ කොහොමද කියලා මිනිහා කියනවා මැඩම් දෙනවා කිව්වා කියලා ඒ වගේම පාවිච්චියට වාහනයක් දෙනවා කියලා කිව්වලු සමහර විට වාහනය රජයේ එකක් වෙන්න පුළුවන් මෙහෙම කියපු දේශපාලුවො අනුගාමිකයන් රැකීමට තමයි මෙහෙම කරන්නෙ ඒ අතර ඡන්ද මධ්‍යස්ථාන සදහා නොයෝජිතයො පත්කිරීම හා ඡන්ද ගණන් කිරීමේ ශාලා පුරවා ගණන් කරන නිළධාරින් අපහසුතාවට පත්කිරීම තවත් උපක්‍රමයක් කියලා කියන්න පුළුවන් ඇත්තටම පක්ෂ දේශපාලනය තියෙන රටකට දේශපාලනයේ යෙදෙන නිළධාරින් හෝ සේවකයින් සිටීම නිළධාරින් නියෝජනය කරන පක්ෂයට විරුද්ධ පක්ෂවල ජනතාවට කරන බලවත් අසාධාරණයක් කියලා කියන්න වෙනවා