(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ලැබුණු යෝජනා විශ්ලේෂණය කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කළ බව එම කාරක සභාවේ සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත්කරනු ලැබ සිටින්නේ ආචාර්ය අනුර කරුණාතිලක, නීතිඥ සුරේන් ප්‍රනාන්දු, මහාචාර්ය පී. බාලසුන්දරම් පිල්ලෙයි සහ බාලචන්ද්‍රන් ගෞතමන් යන මහත්වරුන්ය.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (28) රැස්වුණු අතර මෙම කමිටුව පත්කිරීමට තීරණය ගෙන ඇත්තේ එහිදීය.
මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති ප්‍රතිසංස්කරණයට අදාළව පිළිගත් දේශපාලන පක්ෂ 21 කින් සිවිල් සංවිධාන 155කින් සහ මහජනතාවගෙන් යෝජනා ඉදිරිපත් වී ඇතැයි පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළාය.
මැතිවරණ සහ ජන්ද විමසීම් ව්‍යූහයේ නීති රීති ප්‍රතිසංස්කරණයට අදාළව යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීමට විවිධ පාර්ශවවලට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබාදී තිබූ කාලය පසුගිය ජූලි 15 වැනිදායින් අවසන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාවේද විද්වත් අය ඉන්නේ... ? නිකමට දැනගන්න ඇහුවේ... නොදන්න කමට...
කියවන්නේ නැතිව නිවසට වෙලා විවේක ගන්න