
(රංජිත් රාජපක්ෂ)
ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වතුකරයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන කරා යාමට ප්‍රමාණවත් බස් රථ නොමැති බවට මගිහු චෝදනා කරති.
හැටන් බස් නැවතුම්පොළේ සිට කොළඹ දක්වා ගමන් කිරිමට පැමිණි විශාල මගින් පිරිසක් දිගු පොලිම් වල රැදි සිටි අතර, හැටන් ලංගම ඩිපෝව මගින් බස් රථ කිහිපයක් ධාවනයට එක් කර තිබුණද එම බස් රථ ප්‍රමාණවත් නොවන බවට මගින් චෝදනා කර සිටියි.
ජන්දය ප්‍රකාශ කිරිම නිවාඩු ලබා ගිය ලංගම රියැදුරන් සහ කොන්දොස්තරවරුන් යළිත් සේවයට වාර්තා කර නොතිබිම නිසා බස් රථ ගණනාවක් ධාවනය කිරිමට නොහැකි වි ඇති බවයි හැටන් ලංගම බස් නැවතුම්පොලේ වේලා සටහන්කරු කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක රටේ මිනිසුන්ට මහා කරදරයක්. රටේ මිනිසුන්ට තමන් පදිංචි ස්ථානයේ සිට චන්දය දැමීමට අවස්ථාවක් ලබා දිය යුතුයි. මේ සඳහා පරිගණක පද්ධති භාවිතා කල හැක.