(රංජන් කස්තුරි )
ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරිමේ කටයුතු මධ්‍යස්ථාන 47 කදී පස්වරු 6 ට ආරම්භ කළ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ඡන්ද පොලේදීම ගණන් කිරිමේ කටයුතු සිදුකරන අතර එම ප්‍රතිඵල ඇල්පිටිය වෘත්තීය පුහුණූ ආයතනයේ පිහිටුවා ඇති මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට ගෙනවිත් සමස්ත ප්‍රතිඵලය නිවේදනය කරන බවද කොමිසම පවසයි.
(රංජන් කස්තුරි)
ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 4 ට නිමාවිය. ඒ වන විට සියයට 70 ක ප්‍රතිශතයක් ඡන්දය භාවිතා කර ඇතැයි මැතිවරණ කොමිසම කියයි.
(සිරංගිකා ලොකුකරවිට)
ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද (11) සවස 2.30 වන විට 62 % ඉක්මවා ඇතැයි තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.
මැතිවරණය ඉතා සාමකාමීව පැවැත්වෙන අතර කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් හෝ ඡන්ද නීති කඩකිරීමක් හෝ වාර්තා වී නැතැයි ද ඒ මහතා කළ විමසීමක දී පැවසීය.
(විනීතා එම් ගමගේ)
ඇල්පිටිය කොට්ඨාසයේ මැතිවරණය සාමකාමිව පැවැති බව එම මැතිවරණයේ නිරික්ෂණ කටයුතු සිදුකල පැෆරල් සංවිධානය සහ මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මධ්‍යස්ථානය පවසයි.
සුළු සිද්ධීන් කිහිපයක් වාර්තාවූ බවත් එයින් ද මැතිවරණයේ සමස්ත ප‍්‍රතිඵලයට හානියක් සිදුනොවන නමුත් ඒවා ද සිදුනොවී නම් වඩාත් හොඳ යැයි එම සංවිධාන පවසති.
ඡන්ද මධ්‍යස්ථාන අසල පෝස්ටර් කටවුට් ප‍්‍රදර්ශනය කිරීම් හා අවට ගැවසීම් ගැන සිදුවීම් කිහිපයක් වාර්තා වූ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
පූර්ව මැතිවරණ සමය පවා සාමකාමීව ගත වූ බවත් ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය නිදහස් හා සාමකාමී එකක් වූ බව ද හෙතෙම සඳහන් කළේය.
මේ අතර ඇල්පිටිය මැතිවරණය ඉතා සාමකාමී එකක් වූ බවත් බලපෑම් සිදුකිරීමේ සිද්ධීන් 12 ක් වාර්තා වූ බවත් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නිරික්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පැවැසීය.
සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අපේක්ෂකයන් හා හිටපු පළාත් සභා මන්ත‍්‍රීන් පිරිසක් ද සමඟ ඡන්ද මධ්‍යස්ථාන අසල ගැවසීමේ සිද්ධීන් කිහිපයක්ම තම නිරික්ෂකයන් නිරික්ෂණය කර ඇතැයි කි ගජනායක මහතා එම වාහනවල පෝස්ටර් ප‍්‍රදර්ශනය කරමින් තිබු බව ද කියා සිටියේය.
මැතිවරණයට පෙර දින රාත‍්‍රි ව්‍යාජ ඡන්ද පත‍්‍රිකා බෙදාදීමේ සිද්ධියක් පිළිබඳව ද පැමිණිල්ලක් ලැබී ඇතැයි පැවසූ හෙතෙම පැලගස්පේ කණිෂ්ඨ විද්‍යාලය අසල රැඳී සිටි අපේක්ෂකයකුගේ මවක් තම පුතුට ඡන්දය දෙන්නැයි ඡන්ද දායකයින්ට බලපෑම් කරමින් සිටි බව නිරික්ෂණය වී යැයි ද පැවැසීය.
එවැනි බලපෑම් කිරිමේ සිද්ධීන් කිහිපයක් වන නමුත් ඒවා සමස්ත ප‍්‍රතිඵලයට බලපෑම් නොකරන බව තම සංවිධානයේ මතය යැයි ද ගජනායක මහතා තව දුරටත් කියා සිටියේය.
(විනීතා එම් ගමගේ)
ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්ද විමසීමේ දී අද (11) දහවල් 12 වනතුරුත් සාමකාමී තත්ත්වයක් පැවැති බවත් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ සිද්ධීන් දෙකක් වාර්තා වී තිබු බවත් පැෆරල් සංවිධානය කියයි.
ඇල්පිටිය පූජාගල ඡන්ද මධ්‍යස්ථානයට ඡන්ද දායකයන් ප‍්‍රවාහනය කිරීමේ සිද්ධියක් පිළිබඳ තම නිරික්ෂකයින් නිරික්ෂණය කර ඇති බවත් ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක්ම ආසන්නයේ පෝසට්ර් කටවුට් ප‍්‍රදර්ශනය කිරීමේ සිද්ධීන් ද වාර්තා වූ බවත් පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
කෙසේ වෙතත් දහවල් 12 වනතුරු මැතිවරණය පැවැති ඇල්පිටිය ප‍්‍රදේශය සාමකාමීව පැවැති බවත් ඡන්ද දායකයන් උනන්දුවෙන් ඡන්දය භාවිතා කරන බව නිරික්ෂකයන් වාර්තා කර ඇති බවත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
(සිරංගිකා ලොකුකරවිට)
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයන් තෝරාගැනීමට පැවැත්වෙන මැතිවරණය සඳහා අද(11) උදෑසන 7.00ට ඡන්ද විමසීම ආරම්භ වූ මොහොතේ සිට මධ්‍යහන 12.00 දක්වා කාලය තුළ 50%ක පිරිසක් සිය ඡන්දය ප්‍රකාශ කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේය.
ඡන්ද දායකයන් දැඩි උනන්දුවකින් කටයුතු කරන බව මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයන් 28 දෙනකු තෝරාගැනීම සඳහා ලියාපදිංචි ඡන්ද දායකයන් 53,384දෙනකු අද ඡන්ද මධ්‍යස්ථාන 47 ක දී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
විදාණපතිරණ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
''ඡන්ද විමසීම අද උදේ 7.00ට ආරම්භ කළා. ප්‍රදේශය පුරාම ඉතා සාමකාමී තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම ඡන්ද දායකයන් දැඩි උනන්දුවකින් ඡන්දය ප්‍රකාශකරන බව ද පෙනී යනවා. අපට දැනට ලැබී ඇති තොරතුරු අනුව අද මධ්‍යාහ්නය වනවිට 50% ඉක්මවූ ඡන්ද දායකයන් පිරිසක් ඡන්දය ප්‍රකාශකර තිබෙනවා. මේ වනවිට කිසිදු ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වාර්තා වී නැහැ"
තේරීම්භාර නිලධාරීවරයා පැවසුවේ සවස 4.00ට ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු අවසන් වූ වහාම ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවල දී ඡන්දය ගණන්කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි. පළමු අදියර ලෙස තම ඡන්දය ප්‍රකාශ කළ ස්ථානයේ දීම තම තමන්ගේ අපේක්ෂකයන් විසින් ලබාගත් ඡන්ද සංඛ්‍යාව දැනගැනීමේ හැකියාව ඡන්ද දායකයන්ට ඒ අනුව හිමිවෙයි. ඉන් අනතුරුව දෙවැනි අදියර ලෙස කොට්ඨාස 17 හි ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කරන බවත් රාත්‍රී 10.00 පෙර අවසන් ප්‍රතිඵලය ලබාදිය හැකි බවත් තේරීම්භාර නිලධාරීවරයා පවසයි.
අද පැවැත්වෙන මැතිවරණය සඳහා ඇල්පිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ තාවකාලික මැතිවරණ කාර්යාලයක් ස්ථාපිත කර එහි සිට සියලු මෙහෙයුම් කටයුතු සිදුකිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
අද (11) පෙරවරුවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇල්පිටියේ තාවකාලික මැතිවරණ කාර්යාලය සහ ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරතවන ආකාරය ද දක්නට ලැබිණි.
(ජේ.කේ.එල්.චාමින්ද)
ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයේ කටයුතු සිදුවන ආකරය පිළිබඳ සොයා බැලීම සඳහා අද (11) මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇල්පිටියට පැමිණියේය.
ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයේ මෙහෙයුම් කටයුතු හා ප්‍රතිඵල නිකුත් කරන ඇල්පිටිය දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෙත ගොස් මැතිවරණ කටයුතුවල නිරත නිලධාරින් සමඟ කථාබහක ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිරත විය.
ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵලය අද (11) රාත්‍රී 10.00 පමණ වනවිට නිකුත් කිරිමට හැකිවන බව සඳහන් කළ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.
මේ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ, ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් යු.ඒ චන්ද්‍රලාල් මහතාද එක්ව සිටියහ.

(රංජන් කස්තුරි)
ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණය අද (11) පැවැත්වේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් 28 දෙනෙකු තෝරාපත් කර ගැනීම සඳහා වන එම ඡන්ද විමසීම අද පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා පැවැත්වේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ඡන්ද කොට්ඨාස 17 න් සමන්විත වේ.
අවිත්තාව, ඕමන්ත, මැටිවිලිය, ඉඳිපලේගොඩ, අමුගොඩ, කැටන්දොළ, ඇල්පිටිය, නවදගල, බටුවන්හේන, තලාව, කුඩාගල, කදිරන්දොළ, වල්ලඹගල, පිටුවල, ඇල්ල අම්බනකහදූව, පිනිකහන සහ තිබ්බොටුවාව එම ඡන්ද කොට්ඨාස වේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට පිළිගත් දේශපාලන පක්ෂ පහකට අයත් අපේක්ෂකයෝ 85 දෙනෙක් තරගයට පිවිස සිටිති.
තරග කරන අපේක්ෂකයින්ට අමතරව එක් දේශපාලන පක්ෂයකින් 14 දෙනෙකු වශයෙන් පක්ෂ පහෙන් තවත් 70 දෙනෙකු අතිරේක අපේක්ෂකයෝ ලෙස නම් කර සිටිති.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය බුලත් කොළය ලකුණ යටතේ ද එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ යටතේ ද ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ යටතේ ද , ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ රාජාලියා ලකුණ යටතේ ද සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණ යටතේ ද ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තරගයට ඉදිරිපත්ව ඇත.
ඡායාරූප - දීපාල් සිල්වා


ඡායාරූප - ජෙ.කේ.එල්.චාමින්ද



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් විවේචනය කරන්නේ රනිල් සහ ගෝල පිරිස ප්‍රතිවාදී අපේක්ෂකයා නොවෙයි. එතුමා පත් වුනොත් යහපාලන නාටකය 2 කොටස බලාගන්න පුළුවන්
ඇල්පිටියේ ඡන්දෙදි හැමෝටම එජාපය කියන්නේ කව්ද කියලා අපි පෙන්නවා. අපේ නායකයා ආණ්ඩුවේ 4 වෙනියා වන ගයන්ත මැතිතුමා. අන්තර්ජාලයෙන් නොවේ මෙහෙ ඉන්න අපි දන්නවා එජාපය 58% ක් ගන්නවා. පොහොට්ටුවට 25% ක් වත් ගන්න බැහැ.
සජිත් ගේ බලය අපි පෙන්නන්න පටන්ගන්නේ ඇල්පිටියෙන්. රනිල් අකමැති අය සජිත්ට ගොඩක් කැමතියි . අපි 55% ක් ගන්නවා
මෙච්චර කල් අපි සද්ද නැතිව හිටියට අද තමයි අපි කවුද කියල පෙන්නන්නේ. එජාපය 53% ගන්නවා. සජිත් මහත්තයට කලගුණ සලකන්න අපි බලන් ඉන්නේ
70% කින් පොහොට්ටුව දිනනවා ...
ඇල්පිටියේ ඉන්නේ තේ වගාව කරන අය සහ දෙමල වතු කම්කරු ජනතාව. ගයන්ත මහත්තයා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කල සේවයට කෘතගුණ සලකන්න මේ පාර අපි එජාපය ඉහලටම ඔසවා තබනව
අනිවාර්යෙන්ම 2/3 කට වැඩියෙන් පොහොට්ටුව දිනනවා
ඇල්පිටිය අපි වසර 10 ට වඩා දිනාගෙන ඉඳල තියෙනවා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ කලේ ඇල්පිටිය දිනුවේ අපි. නැවත සජිත් යුගේ ඇරඹුම ඇල්පිටියෙන් පටන් ගන්න අපි හැමෝම ඡන්ද පොලට යනවා
රැස්වීම් වලට මිනිස්සු අදින විදිය අපි පෙන්නුවනේ. රැස්වීම් වලින් නෙවෙයි මෙහෙ ජනතාවගෙන් අහන්න ඕන . සජිත් මහතාට ශක්තියක් වෙන්න අපි 60% න ඇල්පිටිය දිනනවා
ඇල්පිටියේ වතු ජනතාව 25% ක් විතර ඉන්නවා . එජාපයට දිනන එක අමාරු දෙයක් නොවෙයි . 60% දිනන එක ෂුවර්
රැස්වීම් වලට මිනිස්සු අරන්යන්න ඕන කන්නයි බොන්නයි සල්ලියි විතරයි. ඇල්පිටියේදී අපේ බලේ බලාගන්න පුළුවන් වේවි
ඇල්පිටියේදී පොහොට්ටුව ගන්නේ 40%
ගයන්ත කියන්නේ සජිත් ගේ දකුණු අත. සජිත්ට ගැම්මක් අරන්දෙන්න එතුමා බැහැල වැඩ. වජිරගේ කැපිලි නිසා රැස්වීම කඩාකප්පල් වුනාට අපි ඉන්නේ ඉතා ශක්තිමත්ව. 63% ගන්න එක අමාරු නැහැ .
ජාතික ජන බලවේයේ තරම ඇල්පිටියේදී පෙනේවි . 71 කැරැල්ලේදී ඇල්පිටිය මාසයක් පාලනය කලේ අපි . මේ පාර ප්‍රධාන පක්ෂ ප්‍රතික්ෂේප කිරීමට ඇල්පිටිය ජනතාව රොද බැදගෙන ඉන්නේ
දැනට වැටිච්ච ඡන්දවලින් 75% සජිත්ට තමයි . පොහොට්ටුව සද්දේ වහල
අද වෙනකොට මුළු ඇල්පිටියම කොළ පාටයි . සමරන්න ලෑස්තිවෙන්න
ඇල්පිටියට අපි සජිත් ආණ්ඩුවේ සබානායක ධූරය ගේනවා
සජිත් ගේ අගමැති මාතරින් , සභානායක ඇල්පිටියෙන්
මෙතන කොමෙන්ට් දාපු අය තොගේ ආවනම් ලේසියෙන්ම චන්ද මීටින් පුරවන්න තිබ්බ . ඇත්ත කතාව නම් , මීටින් වලටත් නැහැ , ඡන්දෙත් නැහැ , කොමෙන්ට් විතරයි. කොමෙන්ට් වලින් තේරුවොත් සජිත් ඇල්පිටිය දිනනවා .
අපේ සජිත් මහතා...... ඇල්පිටිය ජයග්‍රහණය කරනවා. ඉන්පසු ඔක්කොගෙම කට වැහෙනවා
තව ටික වෙලාවයි නේ තියෙන්නේ . අපි බලමු
හරින් මුදල් ඇමති කරමු . එම දැනුම ඔහුට පිය උරුමයෙන් ලැබී ඇත
පොහොට්ටුව 23000 යි. අලියා 17500 යි. සීනුව 1750 ක් විතර ගනීවි කියා හිතෙනවා.
ඇල්පිටිය කොහොමත් පොහොට්ටුවට තමයි.. මේක දින්නා කියල පොහොට්ටුවට පොඩි මර්කටින්ග් පාරක් කරනවා ඇරෙන්න සන්තෝස වෙන්න බෑ ඇත්තටම මොකද කොහොමත් ඔවුන් දිනන නිසා .. සජිත් නිසා ඔවුන්ගේ චන්ද වැඩිවෙයි . නමුත් සජිත් නිසා ඔවුන් දින්නොත් එක ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයට සැහෙන්න වාසි වේවි...
පොහොට්ටුව 73%, යු.එන් පි. 14%, ජ.වී.පෙ. 4%.
ඇල්පිටිය ඔක්කම හොද බුද්දිමත් අය හිතනවා පොහොට්ටුව දිනවන බව.
එක්සත් ජාතික පක්ෂය 58% ගන්නවා, පොහොට්ටුව 5%
ප්‍රාදේශීය මට්ටමින් අපේ බඩට ගහන්නේ කවුද කියන එක බලාගන්න පුළුවන් වෙයි.
අලියා 85%, සීනුව 10%, පොහොට්ටුව 5%
සජිත් මැතිදු 70% කින් ඇල්පිටිය ජයගන්නවා.... ඒක රැල්ලක් කරලා රටම හොල්ලනකොට ගෝඨාභය මැතිදු ට තියෙන රැල්ල එතනම නවතිනවා....
සහරාන්, ප්‍රබාකරන් ඉල්ලුවත් අපි දෙන්නේ යුඑන්පි එකට. රණවෙරුවන්ගෙන් අපිට වැඩක් නැත.
මේ අදහස් පළකිරීම් බලද්දීනම් හෙටට එක කට්ටියක් බලාගෙන ඉන්න "තාවකාලික උත්තේජනය" හරියන්නේ නැහැ කියලයි පෙනෙන්නේ. අනේ මන්ද.
තව පැය කියියද ඉවසලා ඉමු ප්‍රතිපලය එනකල්.
අදහස් දැක්වීම් වලට ගරු කරන්නෙමු. නමුත් බහුතර අදහස් සන්විධානාත්මක කණ්ඩායමක් විසින් සිදු කල ඒවා පැහැදිල්යි. මෙහි නිතර අදහස් පල කරන කිසිවෙක් මෙහි නැහැ.
ගීතා පාර්ලිමේන්තු එවපු අයගේ ආසනයනේ. ඒ වගේම සෙට් එකක් එවයි ප්‍රාදේශීය සභාවටත්.. ගීතා සමග නැගිටිමු
තණකොළ බුදින අය තප්පුලයි.. මේ වගේ අය ඉන්නකන් ඉතින් ලංකාවට අබම සරණයි.
හේමන්ත ඔයාගේ ඔලුවේ බලන්න අං ඇවිල්ලද කියලා..?
සෝම ඔයා චීත්තයක්ද, සරමක්ද කියලා හිතාගන්න අමාරුයි.
පොහොට්ටුවේ කමෙන්ට් කරන අය නිවාඩුද? ඔවුන් දැම්ම පරාජය පිළිඅරගෙන...
අඩු ගානේ අවුරුදු 25 ක් වත් මේ රටේ ජීවත් උනා නම් ඔය එකෙක්ටවත් ඡන්දෙ දෙන්නේ නෑ අවුරුදු 72 ක් රට කෑවා. කරුමෙට ප්‍රබාකරන් කිව්වා වගේ සිංහලයට මතක තියෙන්නේ සති දෙකනේ.
දැනට සීනුව ඉස්සරහින්. මේ අලුත්ම තත්වයයි.
සජිතුත් දිනයි.. ගෝඨාත් දිනයි.. උන් කවද්ද යකුනේ පැරදුනේ.. එතකොට උඹලයි අපියි.. හැමදාම පරාදයි.. තව කියවගනිල්ලා දෙපැත්තට බෙදිලා..
උදේ පාන්දර 5:30ට ඡන්ද වැටුණු ගාන කියන්නේ කොහොමද...?
විමල්, හොඳට හිතලා බැලුවොත් කාගේ ඔලුවේද? අන් තියෙන්නේ කියලා හිතාගන්න පුළුවන්...
පොහොට්ටුව පරවුණු වගයි....
ඇල්පිටියේ ඉන්නේ වතුකම්කරුවෝ ගොඩක්... ම ම දන්නේ මේ අදහස් ලියපු කට්ටියගෙන් ඔයාලාට සජිත් හරි, අනුරකුමාර හරි අාවොත් සැප විඳින්න පුළුවන් වෙනවා. දෙන්නම අවංකයි, කරුණාවන්තයි, අසරණයින්ට ඕන මේ වගේ තරුණ හදවත් ඇති අය, නාකි මහල්ලන්, හොඳට තෙම්පරාදු වෙලා ඉන්නේ, ජනතාවගේ දුක තේරෙන්නේ නැහැ.., තමන්ගේ බොක්කයි, පවුලේ බොක්කයි පිරුණොත් ඇති... මේ සියලුම දෙනා.. මහ ඡන්දෙන් කොහොම හරි තරුණ නායකයකු පත් කරගන්න. පොහොට්ටු වැහිලා තිබුණට, ඕක පිපුණාම මලේ සුවද නෙමේ ඉන්නේ.., විසකුරු සර්පයින් එළියට එන්නේ..., සමහරු හැව අරිනවා තරුණ පෙනුම ගන්න. නමුත් ජනතාව 60 පැනපු රිලව් බව.... හැට නෙමේ 70-75....
පොහොට්ටුව පර වෙන්න තවම පිපිලා නැහැ. නොවෙම්බර් 17 අනිවාර්යෙන් පොහොට්ටුව පිපුනම ඔයාලට වෙන්නේ මුහුදට පනින්න.
මේ වෙනකොට අලියාට 90% වඩා ඡන්ද වැටිලලු
දිනන්නේ පොහොට්ටුව
මේ වෙනකොට ගැනපු කොට්ටාශ වලින් 73%ක් පොහොට්ටුවට. උඩ කමෙන්ට් දාපු අය පොඩ්ඩක් අඩලා නිදාගන්න
හුරේ හුරේ එජාපයට කමෙන්ට් දාපු එවුන් කෝ දැන් කියන්න?
පොහොට්ටුව දිනලා බවයි දැන් නිවේදනය වුනේ...
සහතික ඇත්ත තිලිණ මහත්මයාණනි.
අලියා හරි පොහොට්ටුව හරි දිනුවොත්.. අපිට කියන්න තියෙන්නේ මෙපමණයි..." ශ්‍රී ලංකාවේ වහල් ගෝත්‍රිකයින් සිටින පළාතක් වන ඇල්පිටිය වැනි ප්‍රදේශවල ජීවත්වන නොහොත් කඹුරන ගෝත්‍රිකයින් නිසා ශ්‍රී ලංකාවේ දියුණුවක් කිසිදාක වන්නේ නැත .." කියලයි.
සහතික ඇත්ත. නමුත් ඒ දේශපාලුවන්ට වහ වැටුණු වහල්ලු ඉන්නවනේ. අරක්කු වීදුරුවට, සිල් රෙද්දට, කුඩයට, රුපියල් 1000 ට ඔවුන් ඕන ජරාවැඩක් කරාවි. දේශපාලුවා දිනුවට පස්සේ ආයේ එයා ගමට එන්නේ අවුරුදු 4 කට පස්සේ. අපේ රටේ ජීවත්වන මේ නූගත් මෝඩයින් නිසා රට විනාශයටම වැටුණා...
මොලේ උඩ ඉන්න මෝඩයෝ කාට ඡන්දේ දෙයිද කියලා කව්ද දන්නේ? පාන්දර එකට දෙකට, ඇවිත් ජනතාවට සේවය කරන අයනේ ඔය පෙත්තේ ඉන්නේ.
කොහොමද මගේ දැක්ම එල නේද? මම දැම්මේ 74% නමුත් 69% ලැබුණා ඡන්දය දුන්නු ඔබට සුබ අනාගතයක්...