
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂිකාවක බව පොලිසිය කියයි.
ලැබුණ තොරතුරක් මත පුත්තලම මැතිවර්ණ කාර්යාලයෙ නිළධාරීන් පිරිසක් සමඟ මෙලෙස අදාල අපෙක්ෂීකාවගේ නිවසට ගොස් පරික්ෂා කිරිමේදි වෙනත් පිරිසට අයත් නිළ ජන්ද පත්‍රිකා 86 ක තොගයක් සගවා ගෙන තිබියදි අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් අපෙක්ෂිකාව පවසා ඇත්තේ තමන්ට මෙම ජන්ද පත්‍රිකා තොගය පුත්තලම ප්‍රධාන තැපැල් හලේ ලියුම්කරු විසින් එම පත්‍රිකා හිමි අයට බෙදිමට ලබා දී ගිය බවයි.
COMMENTS
ඇයි මේක කරපු පක්ෂේ නම දාන්න බැරි ?
ඇන්ටිජන් හොරුන්ට ඡන්ද කාඩ් එකත් කජ්ජක්ද?
දිලිත්ගේ සර්ව ජන බලය
කොට්ටහච්චිට ඕක බේරගන්න කටයුතු කරයි.නැත්නම් වසන්ත බිමල් ටිල්වින් හඳුනා වැඩේ ගොඩදාගනියි.