
(ගයාන් සූරිය ආරච්චි සහ පද්මසිරි ගාර්දියවසම්)
තිරිකුණාමලය චීන වරාය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදියේ පැදිකරු බව කියන පුද්ගලයෙකු ඊයේ (5) සවස කතරගම බස් නැවතුම්පොළ අසලදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
තිරිකුණාමලය, චීන වරාය, පහේ කණුව ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබුණි.
එම වෙඩි තැබීමෙන් 59 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබූ බව පොලිසිය පවසයි.
මොරටුව පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ විමර්ශන අංශය iii නිලධාරීන් කණ්ඩායමක් විශේෂ විමර්ශනවල නිරතව සිටියදී ලද තොරතුරක් මත මෙම සැකකරු අත් අඩංගුවටගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ උන්ඩ පහක්, අන් අයකුට අයත් බැංකු කාඩ් පතක්, ජාතික හැඳුනුම්පතක් සහ ජංගම දුරකථනයක් ද පොලිසිය භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි දීප ව්‍යාප්තව සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ වැටලීම් වලට සමගාමීව මොරටුව පොලිස් විශේෂ බලකාය කඳවුරට අයත් නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.
2025 දෙසැම්බර් මස 04
196
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
376
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීන වරාය නිවසකදී වෙඩි තැබීම: පැදිකරු අත්අඩංගුවට