(එම්.සුසිල් පියන්ත සහ ඥාණදාස රම්මුතු)
හික්කඩුවේ හෝටලයක පැවැත්වෙන ජාත්‍යාන්තර ශේණිගත කිරීමේ චෙස් තරගාවලියකට සහභාගී වෙමින් සිටින දෙස් විදෙස් චෙස් කීඩක,කීඩිකාවන් අතරින් සිය දෙනකු හදිසියේ රෝගී වී ප්‍රතිකාර ලබා දුන් බව හික්කඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක චින්තක පසාද් මහතා පවසයි.
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් ආදි චෙස් කීඩක සංගමය දස වැනි වරටත් සංවිධානය කළ මේ චෙස් තරගාවලිය මැයි 26 සිට 30 දක්වා පැවැත්වෙන අතර දෙස් විදෙස් චෙස් කීඩක,කීඩිකාවෝ 650ක් පමණ තරගාවලියට සහභාගීවී සිටිති.
තරගාවලිය ආරම්භක දින දෙක ඇතුළත මේ තරගාවලියට සහභාගීවූ චෙස් කීඩක,කීඩිකාවන්ට හදිසියේ උදරාබාධ, වමනය යාම වැනි රෝග ලක්ෂණ පහලවූ බවත් ඒ සියලුදෙනාම ප්‍රතිකාර සදහා හික්කඩුව ආරච්චිකන්ද රෝහලට යොමු කළ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක චින්තක ප්‍රසාද් මහතා කීය.
රෝගී වූ කීඩක,කීඩිකාවන්ගෙන් දෙදෙනකු තවමත් එම රෝහලේ නේවාසිකව පතිකාර ලබන බවද පසාද් මහතා කීය.
සමහර කීඩක,කීඩිකාවන් මේ අසනීප තත්ත්වය හමුවේ තරගය නතර කර දමා නිවෙස්වලට ගොස් සිටින බවද පසාද් මහතා කීය.
හෝටලයෙන් ලබාදුන් ආහාර හෝ ජලය නිසා මෙම තත්ත්වය හට ගන්නට ඇතැයි ද සෞඛ්‍ය අංශ සැක පළ කරයි.
මෙම හෝටලය සදහා පානීය ජලය සපයන වතුර ටැංකි පහම වසා නොමැතිව තිබූ බවත් එම නිසා මේ වතුර ටැංකිවලට සතුන් වැටී නරක් වන්නට ඇති බවත් පසාද් මහතා කීය.එමෙන්ම මේ හෝටලයේ කෑම පිසින මුලුතැන්ගෙයද දැඩි අපිරිසිදු තත්වයේ පැවති බවත් මේ සියලු කාරණා ගොනු කොට මේ හෝටලයට නඩු පැවරීමට කටයුතු කළ බවත් ප්‍රසාද් මහතා කීවේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
චෙස් ක්‍රීඩකයන්ට දුන් ආහාර විෂ වේ