
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සුපිරි පිතිකාරිය චමරි අතපත්තු ඉතිහාසයේ පළමුවරට අන්තර්ජාතික ක්‍රිකට් සභා (අයි.සී.සී.) එක්දින පිතිකාරියන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව සිටින්නීය.
නවසීලන්තයට එරෙහිව ඊයේ (3) අවසන් වූ එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශතක දෙකක් රැස්කිරීමට සමත් වීමෙන් චමරිට පළමු ස්ථානයට ඒමට අවස්ථාව උදාවූ අතර ඇය පළමු තරගයේදී නොදැවී ලකුණු 108 ක් සහ දෙවැනි තරගයේදී නොදැවී ලකුණු 140 ක් රැස් කළාය.
ඇය ප්‍රසාද ලකුණු 758 ක් හිමිකරගනිමින් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය. ඕස්ටේ්‍රලියානු පිතිකාරී බේත් මූනි ප්‍රසාද ලකුණු 754 ක් ලබා දෙවැනි ස්ථානයේ ද, දකුණු අප්‍රිකානු පිතිකාරී ලයුරි වොල්වර්ඩ්ට් ප්‍රසාද ලකුණු 732 ක් සමගින් තෙවැනි ස්ථානයේ ද, පසුවෙති.
33 වැනි විය් පසුවන චමරි මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 95 කදී ශතක 8 ක් සහ අර්ධ ශතක 15 ක් සමගින් ලකුණු 3,199 ක් රැස්කරමින් වර්තමාන ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ පිතිකාරියන් අතර පෙරමුණේ සිටින්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට අපේ සුභපැතුම්
අපේ පිරිමි කණ්ඩායමට වගේ නිසි ඇගයීමක් නැහැ. ඒත් ඔවුන්ගේ කාර්යය හරියටම කරනවා. මීට වඩා හුඟක් ඔවුන්ව අගය කළ යුතුයි. විශේෂයෙන්ම හොඳ කැප්ටන් කෙනෙක් විදිහට හැමදාම ටීම් එක දිනනවා. පිරිමි කණ්ඩායමේ වෙන්නේ අනිත් පැත්ත. ටීම් එක කැප්ටන්ව දිනවන එක...
චමරි, ඔබට අපගේ උණුසුම් සුබපැතුම්..!
සුබපැතුම්...!!!
චමරි අපේ උණුසුම් සුබපැතුම්... ජයෙන් ජයම වේවා ටීම් එකටම...!