(ඩික්සන් වසන්ත)

රඹුක්කන ප්‍රදේශයේදී විරෝධතාවකදී වෙඩි වැදී මියගිය චමින්ද ලක්ෂාන් මහතා ගේ දේහයට අවසන් ‌ගෞරව දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී සන්දින් සමරසිංහ මහතා අද (22) පස්වරුවේ ඔහු‌ගේ නිවසට ගියහ.

එහිදී රුවන් විජයවර්ධන මහතා චමින්ද ලක්ෂාන් මහතාගේ බිරිඳ සහ දියණියට සිය ශෝකය ප්‍රකාශ කළේය.