
(යොහාන් භාසුර)
පාස්කු ඉරුදින ප්‍රහාර පසුපස තිබූ කුමන්ත්‍රණය සහ එයට සම්බන්ධව සිටියා යැයි කියන පුද්ගලයන් පිළිබඳව බි්‍රතාන්‍ය ‘චැනල් 4 නාලිකාව’ කළ වාර්තාව වැඩසටහන සම්බන්ධයෙන් සහ ඒ සඳහා වෙහෙසුණු සැමට කෘත්‍යඥාතාව පළකරන බවත් එම වාර්තාව විමර්ශනයින් පසුව පිළිගැනීමට සූදානම් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (6) පැවසූහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ බොරැල්ල අගරදගුරු මැදුරේදී අද (6) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසූහ.
‘චැනල් 4 නාලිකාව’ වාර්තා වැඩසටහනෙන් හෙළි කළ ‘පාස්කු ඉරිදා ප්‍රහාරය’ පසු පස තිබුණා යැයි කියන කුමන්ත්‍රණය හා බැදුණ සියලු වැඳගත් කරුණු මෙන්ම පුද්ගලයන් පිළිබඳව, පාස්කු ප්‍රහාර පිළිබඳව මේ දක්වා කර ඇති විමර්ශන සහ කොමිසන් සභා වාර්තාවලින් හෙළි වුණද නිසි විමර්ශනයකට ලක්නොවූ කරුණු පිළිබඳව ද අපක්‍ෂපාතී සාධාරණ පුළුල් විමර්ශනයක් ආරම්භ යුතු බවත් එම විමර්ශනය ස්වාධීනව කිරීම සඳහා එම විමර්ශනයට ලක්වන පොලිසියේ උසස් තනතුරු දරන සියලුම නිලධාරීන්ගේ සේවය විමර්ශන නිමාවන තෙක් අත්හිටුවිය යුතු බවත් අගරදගුරුතුමා කීහ.
එම ප්‍රහාරයේ වින්දිතයන් සාධාරණය ඉල්ලා සිටිය ද නොදෙන පසුබිම තුළ මෙරට සියලුම දෙනාට එම වැඩසටහනේදී ඉදිරිපත් වූ කරුණු පිළිබඳව අවවදානය යොමු කළ යුතු බව ද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා වැඩි දුරටත් කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු ප්‍රහාරය සම්බන්දව Channel 4 නාලිකාව මගින් පුද්ගලයකු රාජපක්ෂලා පිළිබද කරන්නා වූ හෙළි කිරීම් තුල බලය අහිමිවී ගිය රාජපක්ෂවරුන් නැවත බලයට ගෙන ඒමට මෙම කණ්ඩායම විසින් ප්‍රහාරය සිදුකලා මිස, නැවත රාජපක්ෂවරුන් බලයට පැමිණීමට රාජපක්ෂලා විසින්ම, ඔවුන්ගේ උපදෙස් සහ ඍජු මැදිහත්වීම මත මෙම ප්‍රහාරය සිදු කර නොමැති බව පැහැදිලිවේ. එසේ උවත් රාජපක්ෂලා වෙනුවෙන් ප්‍රහාරයක් දියවූ බව පැහැදිලිය. ලසන්ත ඝාතනය පිළිබඳවද අසාද් මවුලානා මවුලානා නැමති පුද්ගලයා නිහඬව සිට තිබේ. ඔහුගේ මරණයට පෙර ලසන්තව මුණ ගැසී මේ පිළිබඳව ඔහු හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන් හෝ පොලිසිය දැනුවත් කිරීම වෙනුවට ඔහු මරණයට පත්ව වසර ගණනාවකට පසු මේ පිළිබඳව හෙළි කිරිම කණගාටුවට කරුණකි.
කාදිනල් උන්නැහේ රාජපක්ෂ ලට බලය දුන්නේ සිංහල බෞද්ධයෝ. ලෝකේ හැම තැනම මුස්ලිම් කාරයෝ අන්‍යආගමිකයෝ මරන්නේ රාජපක්ෂලා කියලා නොවෙයි. 2018 මුස්ලිම් කාරයෝ ඉන්දියාවේ මුම්බායි හෝටලේ අහිංසක මිනිස්සු මැරුවේ රාජපක්ෂලා කියලා නොවෙයි කොරානයේ කියන නිසා. හැබැයි පල්ලි වලට විතරක් නොවෙයි පන්සල් වලටත් ඔය මුස්ලිම් සෙට් එක නුදුරු අනාගතේ ගහනවා ෂුවර්. යහපාලන කාලේ පොලිස්සියෙන් අල්ලපු හම්බ ත්‍රස්තයෝ ටික අසාද්සාලි බේරාගෙන ගියේ රාජපක්ෂලා කියලා නොවෙයි රනිල් ගේ අනුදැනුම ඇතුව.
චැනල් 4 කාරයෝ හිනා වෙනවා ඇති අපි ඔන්න තවත් ගින්නක් දුන්න අපිට ගානක් ලැබුනා කියලා. මුස්ලිම් කාරයෝ ක්‍රිස්තියානි කාරයෝ ඕන මගුලක් කර ගත්තාවේ කියලා අපි අහක බලාගත්තාම ඉවරයි. සිරිසේන කලේ ඒකයි. උඹලා මරාගනිල්ල අපට මොකෝ ප්‍රතිපත්තියෙන් අපි ඉමු. ලෝකේ කුරුස යුද්ද කියන්නේ මුන් ගේ අරගල වලට.
හැබැයි කාදිනල් උන්නැහේ ඔහෙගේත් අනුදැනුම ඇතුව පාස්කු ප්‍රහාරය සිද්ද උනාකියලයි අපි හිතන්නේ. 1. අර ඇඳේ හිටපු ක්‍රිස්තියානි ලෙඩා එයාගේ පුතාට කිව්වානම් අද අහවල් පල්ලි වලට බෝම්බ ගහනවා පල්ලි යන්න එපා කියලා ඒ ක්‍රිස්තියානි කාරයා පල්ලියට නොකියා ඉඳීද? 2. රටේ නායකයෝ ඇඳේ හිටිය ක්‍රිස්තියානි ලෙඩ්ඩු, ඒ ලෙඩ්ඩුන්ට කියයපු මිනිස්සු, ඔක්කොම පාස්කු ප්‍රහාරය වෙන දිනය, පල්ලි, වෙලාව දන්නවානම් කාදිනල් නොදැන සිටීම ලෝක විහිළුවක්. ඔබ රටේ සිදුවන සියළුම ජරමර දන්නවා බෝම්බ ගහන එක දැනගෙන සිටියේ නැහැ කියන එක අපිට පිළිගන්න පුලුවන්ද?
කාදිනල් උන්නැහේ කියනවා පාස්කු කොමිෂන් වාර්තාව පිටු 70000 ලු. එය සම්පුර්ණයෙන් තවම කියෙව්වේ නැතිලු. කියෙව්වේ නැතිනම් ඔබ කොහොමද චැනල් 4 එකට කටඋත්තර දුන්නේ.