(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ 2019 වසරේදී සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කඩිනම් කළ යුතු බවත් එම සිදුවීමේ සියලු පැති ආවරණය වන පරිදි ස්වාධීන පරීක්ෂණයක් ජාත්‍යන්තර සහාය ඇතිව පැවැත්විය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය අද (06) ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
එසේම පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතු බවද මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
සත්‍ය සෙවීම පමණක් ප්‍රමාණවත් නොවන බවත් වරදකරුවන් සිදුකළ වරදවල් පිළිබඳ වගකීම් එම වරදකරුවන්ට ලබා දීමට ප්‍රමාණවත් යාන්ත්‍රණ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට සියලු දෙනා කැපවිය යුතු බවත් එසේම වෙනසක් සිදු කිරීමට දේශපාලන අධිෂ්ඨානයක්ද තිබිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳව ක්‍රියාත්මක වන යාන්ත්‍රණ ප්‍රමාණවත් නොවන බවද එම වාර්තා වේ සඳහන් වේ.ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 14 ක කාලයක් ගෙවුණත් තවමත් දස දහස් ගණනක් වූ වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන් සත්‍ය, යුක්තිය සහ විසඳුම් සොයමින් වේදනා විඳින බවද එම වාර්තාවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා හැමදාම වින්දිතයන් කියන්නෙ කොටින්ට සහ දෙමළ වැසියන්ට. කොටි ත්‍රස්තවාදීන් රට පුරා බෝම්බ පුපුරවපුවා, අහිංසක සිංහල වැසියන් , දරවන් , සඟර්වන ඝාතනය කරපුවා. රටේ දේපළ විනාශ කරපුුවා ඒ මොකුත් නොදන්න U.N. එකේ තොත්ත බබාලා කොටින්ගේ චැනල් 4 එකෙන් කියන ඒවා ඉහ මුදුනින් පිළි අරන්.
ස්තුතියි සර්
බංකොළොත් රටක් වෙලා ලෝකයේ ප්‍රසිද්ධ වුණා... දැන්වත් වැඩක් කරනවා නම් මේ වගේ අත පෙවීම් එන්නේ නැහැ...
ජරාම ජරා රටක් විධියට මුලු ලෝකයේම අපේ රට ගැන ලියවිලා ඉවරයි. මේ ගැන සම්පූර්න වගකීම මැදමුලන මෝඩ හොර කල්ලිය බාර ගත යුතුයි. බියගුලු විරුවා කියන එකා චන්දේ ඉල්ලුවේ පාස්කු අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙනෙනවා කියමිනුයි. ඒත් ඒමිනිහා ඒක කරේ නැහැ. ඒ අය හිතන්නේ බයියෝ අන්දනවා වගේ ලෝකෙම අන්දන්න පුලුවන් කියලා. දැන් ට්‍රෙන්ඩ් එකේ විධියට ජනහිතවාදී ආණ්ඩුවක් ඇවිත් මුන් ඔක්කොම වැලිකඩට ගාල් කරන දිනය වැඩි දුරක නැහැ.
කොහේ හරි මෝඩයෝ රැලක් මෝඩ කතාවක් කිව්වම තවත් මෝඩයෝ ටිකක් කියනවා පරීක්ෂණයක් තියන්නලු.