(විමුක්ති එස් රුද්‍රිගු)

අයහපත් කාලගුණය සහ නොසැලකිලිමත් රියදුරන් හේතුවෙන් චීනයේ සෙන්ග්සූ නගරයේ පිහිටි පාලමක් මත සිදු වූ දරුණු රිය අනතුරකින් වාහන 200 කට අධික ප්‍රමාණයකට හානි වී ඇතැයි චීන මාධ්‍ය වාර්තා කර ඇත.

වාහන එක මත එක ගැටී ඇති වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන අතර අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ගය පැහැදිලි නොවීම හේතුවෙන් මෙම අනතුර වන්නට ඇතැයි පැවැසෙයි.

වාහන වල සිටි ඇතැම් පුද්ගලයන් අනතුර හේතුවෙන් තුවාල ලබා ඇති බවත් අනතුර හේතුවෙන් වාහන වලින් එළියට පැමිණීමට නොහැකිව කොටු වී සිට ඇති බවත් චීන මාධ්‍ය පෙන්වා දී තිබේ.

ගිනි නිවන ට්‍රක් රථ 11 ක් සහ ගිනි නිවන භටයන් 66 දෙනකු මුදවා ගැනීමේ කටයුතු සඳහා යෙදවීමට සිදු වූ බව චීන බලධාරීන් ප්‍රකාශ කර ඇත.