චීනයේ ‘කොවිඩ් 19’ වයිරසය ඔඩුදුවන්නේ, උප ප්‍රභේද හතරක් රට පුරා පැතිරෙන නිසා යැයි එරට වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.
මේ වනතුරු චීන වෛද්‍ය පර්යේෂකයන් විශ්වාස කළේ රටේ ආසාදිතයන් සහ මරණ ඉහවහා යෑමට හේතුව ‘කොවිඩ් 19 ඔමික්‍රෝන් බී.එෆ්.7’ නමැති උප ප්‍රභේදය කියාය.
කෙසේ නමුත් සාම්පාල පරීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ, වාර්තා වන ආසාදිතයන් අතරින්, ‘කොවිඩ් 19 ඔමික්‍රෝන් බී.එෆ්.7’ ආසාදිතයන් සිටින්නේ සියයට 15 ක් පමණක් බවය.
සියයට 50 කට වඩා වැඩි බහුතරයක් ආසාදිතයන්ගේ සිරුරුවල ඇත්තේ ‘බී.එන්.’, ‘බී.කියු.’ සහ ‘එස්.වී.වී.’ නමැති ‘කොවිඩ් 19’ උප ප්‍රභේද යැයි වෛද්‍ය පර්යේෂකයන් හඳුනාගෙන තිබේ.
එම වයිරස උප ප්‍රභේද සම්බන්ධයෙන් සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට ද යොමු කළ බව ද චීන සෞඛ්‍ය අංශ පවසයි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චීනයේ ‘කොවිඩ් 19’ ප්‍රභේද 4 ක් පැතිරෙනවා