IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


චීනය-කොරියාව-ලංකාව හරහා මදුරෙයි ගිය කතට කොරෝනා

(විමුක්ති එස් රුද්‍රිගු)

චීනයේ සිට දකුණු කොරියාව,ශ්‍රී ලංකාව හරහා මදුරෙයි වෙත පැමිණි 36 හැවිරිදි මවකට හා ඇයගේ එක් දියණියකට කොවිඩ් රෝගය වැළඳී ඇතැයි තහවුරු වූ බව තමිල්නාඩු ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය සුබ්‍රමනියන් මහතා ප්‍රකාශ කර ඇත.

මෙම 36 හැවිරිදි මව සහ ඇයගේ දරුවන් දෙදෙනා මදුරෙයි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කර ඇති අතර එහිදී මවට සහ එක් දියණියකට කොවිඩ් රෝගය වැළඳී ඇතැයි තහවුරු වූ බව අමාත්‍ය සුබ්‍රමනියන් පෙන්වා දී තිබේ.

දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම හේතුවෙන් මොවුන් තිදෙනා ශ්‍රිවිල්ලිපුතූර් හි කාන්තාවගේ සහෝදරයාගේ නිවසේ හුදෙකලා කර ඇතැයි  අමාත්‍ය සුබ්‍රමනියන් මහතා පවසා ඇත.කාන්තාවගේ සහෝදරයාද පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කරන බව ඔහු ප්‍රකාශ කර තිබේ.

දවස් 4 ත් 5 ත් කාලයක් තුළ මොවුන්ට වැළඳී ඇත්තේ බී.එෆ් 7 ඔමික්‍රෝන් උප ප්‍රභේදයද යන්න දැනගත හැකි බව අමාත්‍ය සුබ්‍රමනියන් මහතා පවසා ඇත.



අදහස් (0)

චීනය-කොරියාව-ලංකාව හරහා මදුරෙයි ගිය කතට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 62 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 135 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site