(විමුක්ති එස් රුද්‍රිගු)

චීනයේ සිට දකුණු කොරියාව,ශ්‍රී ලංකාව හරහා මදුරෙයි වෙත පැමිණි 36 හැවිරිදි මවකට හා ඇයගේ එක් දියණියකට කොවිඩ් රෝගය වැළඳී ඇතැයි තහවුරු වූ බව තමිල්නාඩු ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය සුබ්‍රමනියන් මහතා ප්‍රකාශ කර ඇත.

මෙම 36 හැවිරිදි මව සහ ඇයගේ දරුවන් දෙදෙනා මදුරෙයි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කර ඇති අතර එහිදී මවට සහ එක් දියණියකට කොවිඩ් රෝගය වැළඳී ඇතැයි තහවුරු වූ බව අමාත්‍ය සුබ්‍රමනියන් පෙන්වා දී තිබේ.

දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීම හේතුවෙන් මොවුන් තිදෙනා ශ්‍රිවිල්ලිපුතූර් හි කාන්තාවගේ සහෝදරයාගේ නිවසේ හුදෙකලා කර ඇතැයි  අමාත්‍ය සුබ්‍රමනියන් මහතා පවසා ඇත.කාන්තාවගේ සහෝදරයාද පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කරන බව ඔහු ප්‍රකාශ කර තිබේ.

දවස් 4 ත් 5 ත් කාලයක් තුළ මොවුන්ට වැළඳී ඇත්තේ බී.එෆ් 7 ඔමික්‍රෝන් උප ප්‍රභේදයද යන්න දැනගත හැකි බව අමාත්‍ය සුබ්‍රමනියන් මහතා පවසා ඇත.