(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් නව සංවිධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අද (29) සාකච්ඡා කෙරුණු බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවට මෙම නව සන්ධානය පිහිටුවීමට නියමිත බව අමාත්‍යවරයා කීය. එම නව සන්ධානයේ ලකුණ ලෙස බුලත් කොළය වෙනුවට පුටුව යොදාගැනීමට අදහස් කරන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මෙම සාකච්ඡාව සිදුකෙරුණු බවද අමරවීර මහතා වැඩිදුරටත් කීය.
කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ රට කාපු හැටි ජනතාවට අමතක වෙලා කියලද හිතන්නේ . අනේ අලුත් වෙස් මුහුණු දාගෙන එන්නේ නැතුව නිකං පව් නොදී ගෙදරට වෙලා ඉන්න.
ආච්චි අම්මේ ,බණක් පිරිතක් අහපන් .දැන් වල පයයි ගොඩ පයයි .තව උපරිම 5ක් ඉඳීවි
පුටුව ලකුණ හොඳයි ,දැන් කෙලින් හිටගන්නත් බැරුව ඇති නේ ?ඒත් කාලක් වදවැඩ කලානම් කෙලින් වෙයි
බලයට පත් වුවහොත් ජනතාවගේ යම් වත්කම් නාමික වටිනාකමකට මිතුරන්ට විකුණා දැමිය හැකිය. රට බංකොලොත් වීමට වගකිව යුතු තවත් අයෙකි.
දැන් මොන සන්ධානේ ගැහුවත් චන්දෙ දවසට රනිල් ගේ ඔඩොක්කුවේ ඉන්නේ චන්ද්‍රිකා .කැට තියලා කියන්නේ
අතාරින්න එපා, මැරෙනකල්ම බලයට පොරකමු.
කොල්ල රැජින නැවත වැඩට බැස ඇත.
ඔබ සැමට අබ සරණයි .මුළු රටම විනාශ කරපු මැඩම්
වල පයයි ගොඩ පයයි. තවත් බල තන්හාව
වික්ටර් අයිවන් අර මොන රැජිණද කියලා පොතකුත් ලිව්වෙ මෙයා ගැන නේද ?
තොපිට ලැබිල තියන අන්තිම අවස්තාව එන ජනාධිපතිවරණයයි.හදවතින් නැතුව මොලේ කල්පනා කරලා චන්දෙ දීපල්ලා .එහෙම නැතුව මේ පාරත් අන්ධ ලෙස වැඩ කරලා වැඩේ අනාගත්තොත් වැඩ වර්ජන ,උද්ඝෝෂණ ,පෙළපාලි තියන්නයි ,අරවා මෙහෙමයි මේවා මෙහෙමයි කියලා හමිනෙන්න හදන්නත් එපා.