(ආරියරත්න රණබාහු)
ප්‍රවීණ රංගන ශිල්පීනි චන්ද්‍රා කළුආරච්චි මහත්මිය අද (1) පස්වරුවේ අභාවප්‍රාප්ත වූවාය.
මිය යන විට 76 වැනි වියේ පසූවු ඇය දෙදරු මවකි.
ජනප්‍රිය ගායක සහ ප්‍රවීණ සංගීතඥයකු වූ ලක්ෂ්මන් විජේසේකර මහතාගේ බිරිඳ වූ ඇය වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනි අමා විජේසේකර මහත්මියගේ මවද වේ.
1964 වසරේ දී වේදිකා ගතවූ ප්‍රේම රංජිත් තිලකරත්නගේ ‘වහලක් නැති ගෙයක්’ වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් ඇය ‘එරබොදු මල් පිපිලා’, ‘කැළණි පාලම’ ඇතුළු නාට්‍ය රැසක රඟ පැවාය.
දහසක් සිතුවිලි, මොකද වුණේ, රොමියෝ ජුලියට්, ලක්සෙට කොඩිය, තුං මංහන්දිය, වැලි කතර, සිංගප්පූරු චාලි, මාතර ආච්චි, හත්දින්නත්තරු, සිහසුන, ජීවන ගංගා, දිනුම් කණුව, සිරිල් මල්ලී, ආශා වසන්තයේ දවසක්, පාරදිගේ, දඬු මොනර, ආරාධනා, පවුරු වළලු, සෙයිලම ඇතුළු චිත්‍රපට 40 කට ආසන්න ගණනක විවිධ චරිත නිරූපණය කර ඇති ඇය වඩාත් අම්මාගේ චරිතය රඟපෑමෙන් ප්‍රේක්ෂක ප්‍රසාදයට පත්වුවාය.
පසු කලෙක ටෙලි නාට්‍ය රංගනයට ද පිවිසි ඇය නාට්‍යයන්හි හඬකැවීම් ශිල්පිනියක් ලෙස ද කටයුතු කර ඇත.
දේහය ගල්කිස්ස කලාපුර අංක 140/31/s නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කණගාටුදායක ආරංචියක්... බොහෝ කාලයක් තිස්සේ වේදිකාව, පුංචි තිරය සහ සිනමාව තුළ රැඳීසිටිමින් සුවිසල් සේවයක් ඉටුකළ ප්‍රතිභාපූර්ණ කලාකාරිණියක්... කළුආරච්චි මහත්මියට නිවන්සුව ලැබේවා...!!!
ප්‍රංශයේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින්ගේ බලවත් ශෝකය ... චන්ද්‍රා කළුආරච්චි මැතිණියට නිවන් සුව පතමු.
නිවන් සැප ලැබේවා ඔබතුමියට...!!!
ඔබට නිවන් සැප ලැබේවා...!
අනේ අපිට සංගීතය උගන්වපු අපේ ලක්ෂ්මන් සර් තනි වුණා එහෙනම්. හිතා ගන්නවත් බැහැ.
නිවන් සුවය ලැබේවා!
ඔබතුමියට නිවන් සුව අත්වේවා !!!!
ඔබට නිවන් සුව!
ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ලාංකිකයින්ගේ බලවත් කණගාටුව..
එතුමියට නිවන් සුව පතමි. හරිම වැදගත් පවුල් ජීවිතයක් ගත කළ අහිංසක යුවලකි. ඒ යහපත් කලා ජීවිතය අද කාලයේ ඇත්තේ කොතැනදැයි නොදනිමි...
කටාර්වල ජීවත් වෙන සියලු ශ්‍රී ලාංකිකයින්ගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු. මැතිණියනි, ඔබට නිවන් සුව පතමු.
ඔබතුමියට නිවන් සුව ලැබේවා... !!!
ඔබතුමියට නිවන්සුව අත්වේවා..!!
එතුමියට නිවන් සුව ලැබේවා!
නෙදර්ලන්තයේ ජිවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ බලවත් ශෝකය. ඔබට නිවන් සුව !
ඔබට නිවන් සුව!
ඔබට නිවන් සුව මෑණියනි..,