
(යොහාන් භාසුර)
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුලු වූ චීන ජාතිකයාගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රශ්න කරමින් සිටියි.
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගෙන් අද පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ පස්වරුවේ අදාල චීන ජාතිකයා බත්තරමුල්ලේ පිටිහි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට කැඳවා ප්‍රශ්න කිරීම ආරම්භ කළ බවත් ප්‍රශ්න කිරීම තවමත් ක්‍රියාත්මක බවත්ය.
චීන භාෂා පරිවර්ථකයෙක් ද යොදාගෙන එම ප්‍රකාශය ගැනිමන් සිටින බව ද ඉලුක්පිටිය මහතා වැඩි දුරටත් කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනා වගේම ඔහුට නීති කඩා ඇතුළු වීමට පහසුකම් සැලසූ ඇමතියාගෙනුත් ප්‍රශ්න කරන්න කියලා තෙරුම්ගන්න බැරිද
මොන විහිලු ද මේ? වෙන රටක නම් හොර පාස්පෝට් එකකින් එන එකාට රටට ඇතුල් වෙන්න දෙනවද? එහෙමම හරවලා යවනවා. දේශපාලුවන්ට මොකක්ද තියන අයිතිය එහෙම එකෙක්ව රටට ගන්න කියලා ලියුම් ගහන්න?
ප්‍රශ්න කල යුතු අරුන්දික ප්‍රනාන්දුගෙන්... හොරු ගෙන්නගෙන ජාත්‍යන්තර වංචා කරන්න කටයුතු කරනවට... කතා කල විදියටම තේරෙනව යටි අරමුණු ඇතිව කරන දේවල් බව. ඉස්සර එතනෝල් ජාවාරමටත් ගෑවිලා ඔය විදියටම චව් චව් ගාල බේරුනා මතකයි... මේ අය දූෂණය ජීවිකාව කරගත් අය....