(සුමිත් පොතුපිටිය)
හෙට දින නැවත මව් රටට යාමට බලාපොරොත්තුවෙන් සිටී චීන ජාතිකයෙකුගේ විදේශ ගමන් බලපත්‍රයද සහිත ගමන් මල්ල අද (04) පස්වරුවේ දුම්රියේ ගමන් ගනිමින් සිටියදී සොරකම් කර ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
චීන ජාතික ෆෑන් ජී ඈන් නමැති සංචාරකයකු විසින් කළ පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය කීය.
පැමිණිලි කරු එදින පස්වරුවේ ගාල්ල සිට මරදාන බලා ධාවනයවූ සීඝ්‍රගාමී දුම්රියේ ගමන් කරමින් සිටියදී ගමන් මල්ල කිසියම් පුද්ගලයකු විසින් සොරකම් කර ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇති බවද පොලිසිය කීය.
ඔහු එදින රාත්‍රි සිට කොළඹ සුප්‍රසිද්ධ හෝටලයක නවාතැන් ගැනීමට වෙන්කර ගෙන සිට ඇති බවද සදහන් වේ.
ඔහු හෙට (6) සිංගප්පූරුව බලා පිටත්ව එහි සිට චීනයට ගමන් කිරීමට ගුවන් ගමන් බලපත්‍ර වෙන්කර ගෙන සිට ඇති බවද පවසමින් චීන ජාතිකයා දැඩි කම්පාවෙන් සිට ඇති බවද වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීනාගේ පාස් පොත සමග ගමන් මල්ල උස්සලා
බද්රානි Thursday, 05 October 2023 01:29 AM
චීන්නු උනත් දැනගන්න ඕනා, ඔවුන් වැඩට දක්ෂ උනාට, අපි ඔවුන්ට ණය උනාට, අපි චීන්නුන්ට වඩා හොරකමට දක්ෂ බව...? චීනෙන් ණයට අරගෙන හොරාකාලා දියුණු උන අපේ අයියලාට, චීන පොකට් එකකට ගහන එකත් මහ කජ්ජක්ද හලෝ...? මේවා ජානමය කුසලතා.. කාටද ආඩම්බර...?