(විමුක්ති එස් රුද්‍රිගු)
චීන කොම්යුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළ නියෝජිතයන් පිරිසක් හෙට (14) සිට ලබන 18 වැනිදා දක්වා ශ්‍රී ලංකාව නිල සංචාරයක නිරත වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
එම නියෝජිත පිරිසේ ප්‍රධානත්වය දරනු ලබන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් සූහු මහතා විසිනි.
ඔවුන් මෙරට රැඳීසිටින කාලය තුළ ශ්‍රී ලංකා රජයේ ප්‍රධානීන් සහ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
කොංග්‍රස් පක්ෂ සමුළුවෙන් පසු චීන කොම්යුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ප්‍රථම අවස්ථාවද මෙය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හුණුවටයේ කතාව මතක් වෙනවා. චීන්නු එක පැත්තකින් අදිනවා. ඉන්දියන් කාරයෝ තව පැත්තකින් අදිනවා. කියන්නේ නම් ආදරේට කියලා. ඒත් මැද ඉන්න එකා රිදිලා මරහඬ තලනවා. දෙපැත්නෙන් අදින උන්ට ගානක්වත් නැහැ.
තමන්ගේ දේපොළ ගැන හොයා බලන්න එනවා වෙන්න ඇති.