(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
චීන පොහොර නැවට මුදල් ගෙවීම පිළිබඳව කරන සමීක්ෂණයේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවකින් ඒ සම්බන්ධ සමීක්ෂණ කටයුතු අරඹා තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා එහි ප්‍රගතිය පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තුවට වාර්තාව ඉදිරිපත් කරන බව සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් චීන අසූචි නැවකට මුදල් ගෙව්ව නමුත් පෝරත් බඩුත් නැතැයි මේ ගැන විගණන වාර්තාවක් තිබේ නම් හෙළි කරනවාදැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද අමරවීර මහතා මේ බව කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
චීන පොහොර නැව යළිත් පාර්ලිමේන්තුවට එයි
anura Wednesday, 24 May 2023 11:32 AM
ඕක ඇතුළට එන්නේම අසූචි නැව් තමයි. එතකොට ඒවා ආහාරයට ගන්න අයට ජොලි...