
(ඩයනා උදයංගනී)
නියමිත චීන පර්යේෂණ නෞකාවක් හම්බන්තොට වරායට පැමිණෙන්නේ ඉන්ධන හා වෙනත් අවශ්‍යතා සපුරාගැනීම සඳහා පමණක් බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ජනාධිපතිවරයාට හා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එම නෞකාව වෙනත් කටයුත්තක් සඳහා පැමිණෙන එකක් නොවන බව විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතා දැනුම් දුන් බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (2) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ඉන්දියාව, චීනය ඇතුළු ශ්‍රී ලංකාවට දුෂ්කර අවස්ථාවල උදව් කරන මිත්‍ර රාජ්‍ය සමඟ මේ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කරුණු දක්වා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසූ බව ද ඇමතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් පෝලිමේ ඉන්න කියන්න.
ඔය නැව්වලට දෙන්න තෙල් අපේ රටේ දැනට තියෙනවද...?
කොහේ තියෙන ඉන්ධනද ඔය ගහන්නේ?