
(කේ. බුද්ධික කුමාරසිරි)
කොල්ලුපිටිය සමගි මාවතේ චීන භාණ්ඩ අලෙවි සැලක තොග ගබඩාවේ සගවා තිබූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා චීන දුම්වැටි දස දහසක තොගයක් අද (18) දින සිය භාරයට ගත් බව ශ්‍රී ජයවර්ධනපුර සුරාබදු ස්ථානය පවසයි.
මෙම දුම්වැටි අලෙවිය සඳහා ගෙනවිත් තබාගෙන සිටි 59 හැවිරිදි චීන ජාතිකයකුද අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සහ දුම්වැටි තොගය ප්‍රධාන සුරාබදු කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.
සුරා බදු කොමසාරිස් ජනරාල් යූ.ඩී.එන් ජයවීර නියෝජ්‍ය සුරා බදු කොමසාරිස් ජයන්ත සිල්වා සුරා බදු අධිකාරී පී එන් හේමන්ත යන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ජයවර්ධනපුර සුරා බදු ස්ථානයේ ස්ථානාධිපති නන්දන පෙරේරා මහතාගේ උපදෙස් පරිදි සුරා බොදු පරීක්ෂක එම්.එම් මහවත්ත සුරා බදු කෝප්‍රල් 828 හර්ෂ සුරාබදු නියාමක 1151 මල්ලව යන නිළධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.