
(අංජුල මහික වීරරත්න)
චීනයේ “එක් තීරයක් - එක් මාවතක්” වැඩසටහන මගින් එක් රටකට පමණක් නොව රටවල් රැසකට යහපත සැලසෙන බව චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසීය.
මෙය අතීත සේද මාවතේ නවීන ස්වරූපය බව කී චීන ජනාධිපතිවරයා සාමය, අන්‍යෝන්‍ය සහයෝගය සහ මිත්‍රත්වය පදනම් කර ගනිමින් මෙම වැඩසටහන ආරම්භ කෙරුණු බව සඳහන් කළේය.
03 වන “එක් තීරයක් - එක් මාවතක්” ජාත්‍යන්තර සහයෝගීතා සමුළුව චීන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රටවල් 20ක පමණ රාජ්‍ය නායකයන් සහ රටවල් 130ක පමණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අද (18) බීජිං නුවර මහජන මහා ශාලාවේ දී ආරම්භ කෙරුණු අතර එහි මුඛ්‍ය දේශනය සිදු කරමින් චීන ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක් වූ අතර සමුළුව සඳහා සහභාගී වූ රාජ්‍ය නායකයන් හමුදා උත්තමාචාර පිරිනමමින් පිළිගනු ලැබීය.
අනතුරුව ඔව්හු චීන ජනාධිපතිවරයා සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
සමුළුව ඇමතූ චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ එකිනෙකාට එරෙහිව යමින් අනෙකා යටපත් කරනු වෙනුවට සියලුදෙනා අත්වැල් බැඳ ගනිමින් එකිනෙකාගේ සහයෝගය ඇතිව නැඟී සිටිම “එක් තීරයක් - එක් මාවතක්” සංකල්පයේ මුලික පදනම බවයි.
අනුනට උදව් කිරීමේ අවසන් ඵලය තමාට යහපතක් සිදුවීම බව ද චීන ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්,ලෝන් ටික කපා දැම්මානම් හරි ඔය ගමන්ම