(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණි අවස්ථාවේදී අල්ලාගත් අල්ලා ගත් චීන ජාතිකයා යළිත් චීනයට පිටුවහල් කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළට රැගෙන ආ අවස්ථාවේ යළි චීනයට යෑමට නොහැකි බව කියමින් කලහාකාරි ලෙස හැසුරුණු බව ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු ගේ ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පොලිස් පරීක්ෂකවරයකුගේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගේ දැඩි ආරක්ෂාව යටතේ චීන ජාතිකයා අද සවස 5 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය.
ගුවන් යානයට පිවිසීමට ඇති අවසන් දොරටුව වෙත මෙම චීන ජාතිකයා රැගෙන ආ අවස්ථාවේ ඔහු යළි චීනයට යෑමට නොහැකි බව කියමින් කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත් බව ගුවන්තොටුපල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
චීන ජාතිකයාගේ ආරක්ෂාවට පැමිණි ආරක්ෂක නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා බලහත්කාරයෙන් මෙන් මොහු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූඑල්884 දරණ ගුවන් යානයට ගොඩ කරගෙන චීනය බලා රැගෙන ගිය බව ගුවන් තොටුපලේ උසස් නිලධාරියෙක් පැවැසීය.
මෙම චීන ජාතිකයා ගේ ආරක්ෂාවට මෙම පොලිස් නිලධාරීන් තිදෙනා සහ ආගමන විගමන නිලධාරියා ද ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර ඇමැති කාලකන්නියා. වෙන වියදම් අපේ බදුවලින් කපන්නේ නැතුව එයාගෙන් කපාගන්න...
හොර පාස්පෝර්ට් හදාගෙන රටට ඇතුලු වෙන්න හදපු මොහුව රඳවාගෙන සිටිනවිට නිදහස් කරන්න කියලා ලියුමක් එවපු අරුන්දික ඇමැතියාට එරෙහිව කිසිම පරීක්ෂණයක් නැත්ද?
අපරාදේ ලංකාවේ ලොකු ආයෝජනයක් කරන්න ආපු චීනෙක්. බොරුනම් අරුන්දික ඇමැතිතුමාගෙන් අහලා බලන්න. මේ විගඩම් වලට ගිය මහජන මුදල් නාස්තිය මේකට වගකිවයුතු නිලධාරීන්ගෙන් හා බොරු ලියුම් ගහපු ඇමැතිවරයාගෙන් අයකර ගත යුතුයි.
තව ටික කලකින්ම අරුන්දික ප්‍රනාන්දු ලංකාවට එන්න බෑ කියලා කොහේහරි හැංගියං ඔය විදිහටම...
එයා උපන් රටේ ඉඳලා එයාලා මිලදී ගත් රටකට එන එක හොර වැඩක් නොවෙයි...
ලංකාවෙන් චීනාව බස්සන්න ගිය අය ආයෙත් ලංකාවට එන්න බෑ කියලද දන්නේ නැහැ...
පොලිස් නිලධාරීන්ට බලපෑම් කළ දෙමළ මන්ත්‍රී ඇතුළු ආගමන විගමන නිලධාරීන්ට බලපෑම් කළ අරුම පුදුම ආධුනික ඇමැති එළියේ... ටිරාන් ඔබ නිදිද?