කොරෝනා වෛරසය ඇති බවට සැකකරන කාන්තාවන් දෙදෙනෙකු කොළඹ අයිඩීඑච් උණ රෝහලට ඇතුළත් කර තිබේ.
එම කාන්තාවන්ගේ රුධිර සාම්පල වෛද්‍ය පරීක්ෂණ ආයතනයට යොමු කර ඇත.
මෙම කාන්තාවන් දෙදෙනාට වෛරසයට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර මේ වනවිටත් වෛරසය ආසාදනය වී ඇත් ද යන්න පිළිබඳව නිශ්චිතව සඳහන් කළ නොහැකි බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
රෝහලට ඇතුළත් කළ කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයකු චීන ජාතික කාන්තාවක් වන අතර ඇය සංචාරක වීසා මත මෙරටට පැමිණ තිබේ.
චීනයේ මෙම වෛරසය ආසාදනය වීමෙන් නියුමෝනියා ත්ත්තවය වැළඳී මියගිය සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනයේ සිට පැමණෙන ගුවන්යානා තාවකාලිකව නවතා දැමිය යුතුයි. වෙනත් රටවල් එය කරමින් පවතියි.