(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
චීන ආරක්ෂක ඇමැතිවරයා කටුනායක ගුවන් තොටුපොළේ සිට විශේෂ ආරක්ෂක රථ පෙළකින් කොළඹ කරා පැමිණෙද්දී බොරැල්ල මංසන්ධියේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කල පුද්ගලයකු බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම පුද්ගලයා අනෙකුත් රියදුරන් උසි ගන්වමින් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජමාධ්‍ය ජාලා ඔස්සේ සහ එම අවස්ථාවේ එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණ වීමෙන් අනතුරුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වසර දහයක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිට මෙරට පැමිණි බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි පුද්ගලයෙකි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර වහල මිනිස්සුනට වෙන අපහසුතාවය ගැන .. කියල වැඩක් නෑ .
අවුරුදු දහයක් ඕස්ට්‍රේලියා වල ඉඳල මෙහෙ පදිංචියට එන්න, හැබෑවට මොන මෝඩයෙක් ද?
පිට කොන්දක් නැති 8 පාස් නිලධාරීන්ගෙන් ඔයිට වඩා දෙයක් නැහැ.
චීන ආරක්ෂක ඇමැති කියන්නේ පස්සෙන් යන හිඟන්නන්ට ලොකු මිනිහෙක් වෙන්න ඇති. නමුත් රටේ මිනිස්සුන්ට අවහිර කරගෙන, දක්කගෙන යන්න තරම් වැදගත් කෙනෙක් නෙමෙයි. බයියන්ගේ අමනකම් නිසා රටක් වැටිච්ච තැනක්... සිරිමාවෝ මැතිණිය චීනයට ගියාම එළිසබෙත් රැජිණ වගේ පිළිගත්තේ. අද අපිට චීන ඇමැතියකුත් දණ නමන්න කියනවා. දීන කම ඉහවහා ගිහිල්ලා..
රට ඉඳලා ආපුවාම අමුතු රඟපෑම් කරන්න යෑමේ විපාක. ඕනෑ කෙනෙකුට තේරෙනවා දැන් ඉන්න ජනාධිපතිතුමාවත් පාරවල් වහලා ගමන් යන්නේ නැති බව... විදේශ රටක ඉහළ නිලධාරි කෙනෙකු ගමන් කරන බව. එ් බව තීරණය කරන්නේ ඔවුන්ට තියෙන තර්ජන අනුව (ඇමෙරිකාව, රෝ ඔත්තු සේවය, තායිවානය ජපානය මේ හැමෝගෙන්ම). අපේ රටේ ජනාධිපතිතුමා, ක්‍රිකට් කණ්ඩායමටත් විදේශ රටකට ගියවිටත් මේ විදිහටම ආරක්ෂාව දෙනවා. හැඟීම් වලට වහල් වුණාම මිනිස්සු මෝඩයන් වීමට උදාහරණයක්...
සිරිබිරිස්, ඒ ලංකාවේ ඉන්න පචෝරිස්ලාගේ ගෝඨයිම්බරයන්ගේ විස්තර ඕස්ට්‍රේලියාවට පන්නන්න වෙන්න ඇති බාධා කෙරුවේ..?
පාරේ ඉන්න පොලීසියේ අය අසරණයි... ලොකු පුටුවල ඉන්න අය දෙන අණ පිළිපැසිය යුතු නිසා. අවජාතක පාලකයන්ගේ ගැහැණු කඩේ යන්නත් පාරවල් වහනවා. රටේ මෙච්චර අවදනම් තත්වයක් තියෙද්දිත් ලෙඩෙක් අරන් රෝහලකට යන අය කොච්චර අසරණ වෙනවද මහපාරේ..? පව් අර මනුස්සයා.. ලෝකයේ දියුණු රටවල් වගේ නොවේ. දැන් අපේ රට මිහිපිට අපායක් වෙලා.
ඔව් ඉතින් අපේ ඇමතිලා වගේද චීන ඇමතිලා?
චීනය. රුසියාව වැනි රටවලත්, හමුදා පාලනය කරන රටවලත් ඔය වාගේ අත්අඩංගුවට ගැනීම් කරනවා ජනතාව බිය කර තබාගැනීමට. අධිකරණයෙන් සාධාරණයක් වෙයි කියලා හිතනවා.
මේ පුද්ගලයා කරපු කිසිම බාධාවක් නැහැ. කලේ තමන්ගේ අසතුට පල කිරීමක්. දැනටම අපේ රට චීනේ වෙලා ඉවරයි වගේ.
කලබල වෙන්න එපා මිනිහා ආපහු ගිහින් දේශපාලන රැකවරණ ඉල්ලන පසුබිම සකස්කරගන්නවා. උදව්වක් කරන්න.
ඕස්ට්‍රේලියා ඉන්දපු එකෙක් නිසා ඔලුව ලොකු වෙලා; ඔනෙම රටක මෙ වාගෙ විශේෂ ඉහල කෙනෙක් එන විට ; ඒ අයට යන්න පාරවල් වල ආරක්ෂාව සපයනවා, වසලා යනතුරු
මොවුන් එල්ලෙන්න වැල් නැතුව ඉන්න ජෙප්පෝ...