
(යොහාන් භාසුර)
ත්‍රිකුණාමලය වරායට ජපන් ආධාර යටතේ ලැබුණු නවීණ අධි තාක්ෂණික නියමු යාත්‍රාවක් පෞද්ගලික විනෝද චාරිකාවකට දී අනතුරට ලක්වීමෙන් රජයට රුපියල් කෝටි 22 ක අධික පාඩුවක් කළේ යැයි චෝදනා එල්ලවී ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධානින් දෙදෙනෙකුට වර්තමාන ආණ්ඩුව යුරෝපා සංචාරයක් දී ඇතැයි සිවිල් බුද්ධි පෙරමුණ අද චෝදනා කළහ.
එම පෙරමුණේ කැදවුම්කරු සංජය මහවත්ත මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
එම යුරෝපා සංචාරයට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂවරයා සහ ත්‍රිකුණාමලය වරායේ තවත් නිලධාරියෙකු ඇතුළු තිදෙනකු සහභාගි වන බවත් නියමු යාත්‍රාවට වූ පාඩුව පිළිබඳව පරීක්ෂණයක් පවත්වා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂවරයාගෙන් පාඩුව අය කරගන්නා ලෙස ඉල්ලා එම පෙරමුණ පසුගිය ජනවාරි මාස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවට පැමිණිළි කළ බවත් මහවත්ත මහතා කීය.
අදාළ පැමිණිල්ල භාර දී මාස 5කට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් ඊට අදාළ විමර්ශන ආරම්භ වී නොමැති බවත් වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ස්ථාන මාරු කර හෝ වැඩ තහනම් කර හෝ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බු හා හා, අපි කලින් කියුවා මේ ආණ්ඩුවත් රටෙන් මිනිස්සු අතරෙන් ආපු අන්ත කපටීන් පිරිසක් බවත් රාජ්‍ය පාලනය ගැන මෙලෝ හසරක් නැති බවත්. අඩුම තරමේ මුන් ප්‍රධාන නගර සභාවකවත් පාලනය කරලා තිබ්බේ නැහැ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ ගැන අනතුරු ඇඟේව්වා. නමුත් තකතීරු ඡන්ද දායකයෝ ඒ ප්‍රකාශ වලට හිනා වුනේ ඉතිහාසගත ජනවරමක් දීල. දැන් ආණ්ඩුව උතුර දකුණ හොයාගන්න බැරිව ලත වෙනවා. අලුතින් ප්‍රශ්න මවනවා. ලොක්කන් විදේශ සංචාර වල නියැලෙමින් ආතල් එකේ ඉන්නවා. සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රශ්න දෙගුණ තෙගුණ වෙලා! එත් සුපිරි ධනවත් පෙළන්තිය නම් තවත් ධනවත් වෙලා තිබෙනවා
එහෙමනම් මට කියන්න තියෙන්නේ – උනුත් එකයි, මුනුත් එකයි කියලයි.
මත්ද්‍රව්‍ය චෝදනා මත STF එක වැටලුවහම හෙලිකොප්ටරෙන් ගිහිල්ලා බදාගත්තු රටේ ඕකත් කජ්ජක්ද?
ගුණරත්න හැම දේටම කමෙන්ට් කරන පිස්සෙක්