(ආරියරත්න රණබාහු)
ප්‍රවීණ රංගන ශිල්පීනි චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අද (31) අභාවප්‍රාප්ත වූවාය.
වේදිකා, සිනමා, ටෙලිනාට්‍ය, රූපවාහිනී සහ ගුවන් විදුලි නාට්‍ය හඬකැවීම් ශිල්පිනියක ලෙස ශ්‍රාවක ප්‍රේක්ෂක ජනාදරය දිනා සිටි ඇය මිය යන විට 83 වැනි වියේ පසුවිය.
සිරිසේන විමලවීර මහතාගේ පොඩි පුතා චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය ගැහැණු ළමයි, සිරකරුවා, නාරිලතා, යුගාන්තය, සීතල වතුර, රෑනගිරවි, සුහද පැතුම, මීමැස්සෝ, හිතහොඳ චණ්ඩියා, ගොළු හදවත, පරසතුමල් ඇතුළු චිත්‍රපට 150 කට ආසන්න සංඛ්‍යාවක විවිධ චරිත නිරූපණය කර ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහීනි ටෙලිනාට්‍ය ඩී.බී. නිහාල්සිංහයන්ගේ ‘දිමුතු මුතු’ ටෙලි නාට්‍යයේ රඟපෑමෙන් පසු ඇය මිය යනතුරුම කෝපි කඩේ නාට්‍ය ඇතුළු ටෙලි නාට්‍ය සිය ගණනක රඟපා තිබේ.
මෙරට පැවැති ප්‍රථම ජනාධිපති සම්මාන උළෙලේ ගැහැනු ළමයි චිත්‍රපටයේ කුසුම්ගේ අම්මාගේ චරිතය නිරූපණය වෙනුවෙන් හොඳම සහය නිළියට හිමි සම්මානය ඇයට හිමි විය.
ප්‍රකට කලාකරුවකු වූ දිවංගත ලොයිඩ් වාකිෂ්ඨ මහතාගේ ආදරණීය බිරිඳ වූ චිත්‍රා මහත්මිය ස්වාධීන රූපවාහිනියේ විධායක නිෂ්පාදකවරයකු වන ප්‍රාන් වාකිෂ්ඨ මහතා ඇතුළු දරුවන් සිව්දෙනෙකුගේ මව වේ.
දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ප්‍රකාශකයෙක් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කනගාටුදායක පුවතක්. එතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
ඔබතුමියට නිවන්සුව ලැබේවා...!
සාතිශය සංවේගය.
ඔබතුමියට නිවන් සැප ලැබේවා!!! ඔබගෙන් රටට ජනතාවට සිදු වූ සේවය අති මහත්. ඔබ වැනි අය රටට අහිමි වීම රටටම විශාල පාඩුවක් ඔබතුමියගේ නම සදාකල් ශ්‍රී ලංකාදීපයේ රැව් පිලිරැව් නැගේවා
තාත්වික හොඳ රංගනයක්... අපි ඔබ තුළින් දැක්කේ ඔබ අප සිත් තුළ කාලයක් ජීවත් වේවි... ඔබට නිවන් සුව..!
ඔබතුමියට නිවන් සැප ලැබේවා...!!!
නිවන්සුව ප්‍රාර්ථනා කරමි.