(සුමිත් පොතුපිටිය සහ ප්‍රේමතිලක පෙරමුණ)
මීගහතැන්න පොලිස් වසමේ පොල්ගම්පොල වික්‍රමශීලා විහාරස්ථානයේ චෛත්‍යයේ සවිකර තිබූ චූඩාමානික්‍ය සොරකම් කිරීම සම්බන්දයෙන් සැකකරුවන් තිදෙනෙකු අද පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකායේ නිළධාරීන් පිරිසක් සමත්ව ඇත .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අහංගම කිත්තගල්ල, මට්ටක්කුලිය සමිත්පුර සහ මහර කඩවත ප්‍රදේශයේ පදිංචි 31, 33 සහ 56 වියැති පුද්ගලයන් බව පොලිසිය කීය.
2022 මැයි මස 14 දා එම විහාරස්ථානයේ චෛත්‍යයේ සවිකර තිබූ චූඩාමානික්‍ය කිසියම් පුද්ගලයකු විසින් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත දීර්ඝ කාලයක් පොලිසිය විසින් පරීක්ෂණ කර තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන කල ප්‍රශ්න කිරීමෙන් පසු සගවා තිබූ චූඩාමානික්‍යද සොයාගෙන ඇති බවත්, එය අලෙවි කිරීමට නොහැකිව සිට ඇති බවත් පොලිසිය සදහන් කරයි.
සැකකරුවන් සන්තකයේ තිබී තියුණු කඩු දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇති බවද සදහන් වේ.
සැකකරුවන් මීගහතැන්න පොලිසියට භාරදී ඇති අතර , මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
මීගහතැන්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 04
796
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චූඩාමානික්‍ය සොරාගත් තිදෙනෙක් දැලේ
Bamunuarachchi Thursday, 23 November 2023 11:46 PM
මේ සැරේ කුඩු පැකට් කීපයක් දමන්න අමතක වෙලා වගෙයි.
පිටිගල මිලානෝ Friday, 24 November 2023 06:12 AM
සෑහෙන්න පව් සිද්ධ වෙන්න ඇති…..