(මනෝප්රිය ගුණසේකර)
මුදල් නොමැති ගිණුමකින් චෙක්පතක් ලබාදී රුපියල් ලක්ෂ අසූවක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ නඩුවෙන් තිළිණි ප්‍රියමාලි නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉයෙ නියම කළේය.
වාහනයක් සම්බන්ධ ගනුදෙනුවකදී රුපියල් මිලියන අටක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් විත්තිකාරියට එරෙහි චෝදනා ගොනුකර ඇති ආකාරය අනුව නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවට කරුණු අනාවරණය වීමෙන් පසු විත්තිකාරිය නිදහස් කිරීමට විනිසුරුවරයා තීන්දු කළේය.
2010 වසරේ මාතර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන අටක් වටිනා වාහනයක් ලබගෙන මුදල් නොමැති ගිණුමකින් අගරු චෙක්පත් ලබාදී වංචා කළ බවට විත්තිකාරියට එරෙහිව නඩු පවරා තිබිණි.
නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාරියට එරෙහි චෝදනා ගොනුකර ඇති ආකාරය අනුව මෙම නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකාරිය නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද වැඩේ..? ලොකු අය හොරකම් කළාම නිදොස් කොට නිදහස්...
ගරු, තිලිණි මැතිණියනේ, මම ඔබ තුමියට ශුභ පතමි... ඉදිරියේදී ඔයිට වඩා වටිනාකමින් වැඩි ලාභයක් ලැබෙන ව්‍යාපාරයකට අත ගසන්න.. මේ සිරි ලංකාවට ගැලපෙන ව්‍යාපාරයක් කිරීම සම්බන්ධයෙන් මට නම් ඇත්තේ ඔබ තුමිය ගැන විශාල ගරුත්වයක්... ඔබ වැනි ඇති දක්ෂ ව්‍යාපාරිකයින් ආරක්ෂා කර ගැනීමට සිරි ලංකා පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුව හා ගරු අධිකරනය දරන උත්සාහය අගය කල යුතුයි... ඉදිරි මහා මැතිවරණයකදී ඔබ වැන්නන් ගේ ආගමනය හා ජයග්‍රහණය මේ රට විජයග්‍රහණය කිරීමට ඇති එකම මාර්ගයයි... සිරි ලාංකික කාන්තාවක් ලෙස මාරම ආඩම්බරයක් හිතට දැනෙනවා...
නිදොස් කොට නිදහස ලබන්නේ දේශපාලුවන් විතරයි කියලයි මම හිතාගෙන හිටියේ. බලපුවාම මෙයත් දේශපාලුවරියක්නෙ අප්පා. මම හිතුවා ඕක.
ඔබ තාමත් විශ්වාස කරනවාද ලංකාවේ නීතිය සැමට සාධාරණ යුක්තිය ඉටුකර දීමට තරම් හැකියාවක් ඇති දෙයක් බව...!
නඩුව දාපු එකත් හොරෙක් කියලා තේරෙන්නේ නැද්ද ,මේ සේරම එක කල්ලිය
වංචාව ඔඩු ගොස් ඇත මේ රට, මුල ඉඳලම හදන්ට ඕනේ රටක්.
චෝදනා ගොනු කර තිබෙන්නේ නඩුව විසි වෙන ආකාරයට බව පැහැදිලියි .නඩුව විසි වෙන්න ප්‍රධාන හේතුව එයයි
අය්යෝ මොකද මේ වෙන්නේ.
ඇය මගේ භාණ්ඩයයි. ගෞරවනීය විනිසුරු මගේ අතේ.
නිදොස් වෙන අයුරින් නඩු පවරන්නත් පුලුවන් බව පසුගිය කාලය පුරාවටම අපි දැක්කා.මෙයත් නීතිය නැවීමක්. අහෝ! නීතියේ ආධිපත්‍යය.
මේව රටේ ජනතාවට වැදගත් පුවත්ද?
ගින්නක් නැතුව දුමක් නොනගී, එය පචයක් බව ඔප්පු කල නෝනාට මගේ ප්‍රණාමය...
වැරදි විදියට තේරුම් ගන්න එපා , මේ මනුස්සය නිදහස් වෙන්නෙ නඩුව ෆයිල් කරපු විදිය වැරදි නිසා , නැතුව මෙයා වැරැද්දක් නොකල කියල නෙමෙයි
නඩුවෙන් දිනලා නෙවෙයි නඩු ගොනු කරපු අය මෙයාව දිනවලා
ඔක පොඩි මිනිහෙක් කලා නම් ජිවිතාන්තය දක්වා හිරේ
නැතුවට වැඩ.. හැමදාම දේශපාලනය කොරන මිනිස්සු ඉන්නව ප්‍රතික්ශේප නොවෙන්ඩ නාම යෝජනාව හදාගන්ඩ බෑ. උසාවියෙ නඩු පවරන්නෙ අපි නෙවෙයි. නීතිය දන්න කෙනෙක්. හැබැයි නඩුව පවත්වගෙන යන්ඩ පුළුවන් විදියට නඩුව දාගන්ඩ බෑ. මහ විකාර රටක් මේක. දැන් ඔය හුටපටය අහන්ඩ ගතවුණු මිනිස් පැය ගණන ගණන් බැලුවද? වැයවුණු විදුලිය සහ අනෙකුත් වියදම්.. මෙව්වගේ බොල් නඩු හබ කොච්චර ඇත්ද.. නඩුව දාපු කෙනා කොච්චර අයකරන්ඩ ඇතිද? පිස්සු විකාරවලින් පිරිච්ච විලම්භීත රටක් මේක.
නඩුව බලවල හොඳටම...