(රංජන් කස්තුරි)
ඉකුත් 2005 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ විවිධ හිරිහැර හා පීඩාවට පත් වූ මාධ්‍යවේදීන්ට සහ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ගේ පවුල් වලට වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව ලසන්ත වික්‍රමතුංග , ප්‍රගීත් එක්නැලිගොඩ,කීත් නොයාර් , පෝද්දල ජයන්ත,නාමල් පෙරේරා ඇතුළු මාධ්‍යවේදීන් 78 දෙනෙකු වෙනුවෙන් එම වන්දි පිරිනැමීමට නියමිතය.
ඝාතනයට , පීඩාවන්ට හා හිරිහැරයන්ට ලක්වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 2 සිට ලක්ෂ 15 දක්වා බැගින් වන්දි මුදලක් පිරිනැමීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවත් ගෙවන්න වෙලා තියන්නේ මේ රටේ බදු ගෙවන්න ජනතාවට. හැබැයි මිනීමරුවන් තාම නිදැල්ලේ.
ඉකුත් 2005 වසරේ සිට 2015 වසර දක්වා කාලය තුළ විවිධ හිරිහැර හා පීඩාවට පත් වූ මාධ්‍යවේදීන්ට සහ ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ගේ පවුල් වලට වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඊට ඉස්සර වෙලා මරපු රිචර්ඩ් ද සොයිසා, ප්‍රේමකීර්ති ද අල්විස් වගේ කාලෙදි මරපු අයට වන්දි දෙන්නෙ නැද්ද?
මොකද මෙච්චර කාලයක් මේ වැඩේ පරක්කු කලේ ? එහෙම නැත්නම් දැන්ද මතක් උනේ?
මැරුන මධ්යවේධින්ට නොවෙයි ජීවත් වෙලා ඉන්න මධ්යවේධින්ට සලකලා ඉන්න වෙයි මුලින්ම.
ඔය ටික කරන්න අවුරුදු 4 ක්ම ගියා. ඒකෙන්ම පේනවා යහපාලන හැකියාව .
රිචඩ් ද සොයිසා, සාගරිකා ගෝමස්. ප්‍රේමකීර්ති, වගේ අයගේ පවුල්වලටත් දෙන්න හොඳේ...