(කේ බුද්ධික කුමාරසිරි)
ඩුබායිහී සිටින පාතාල නායකයකුගේ දැනුම්දීම මත මනුෂ්‍ය ඝාතනයක් සඳහා පැමිණෙමින් සිටි බව කියන පුද්ගලයන් සිව් දෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව අසලදී අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් සහ හෙරොයින් මිල ග්‍රෑම් පනහකට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව ඇත.
කොස්ගොඩ සුජී නමැත්තාගේ ළඟම ඥාතියකු ඉලක්ක කර ගනිමින් මීගොඩ ප්‍රදේශය බලා යමින් සිටියදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් එකිනෙකා කිසිවෙකු නොහඳුනන බවත් ඩුබායිහි සිටින පාතාල නායකයාගේ දැනුම්දීම මත සැකකරුවන් පැමිණි වෑන් රථයේ රියදුරු විසින් අදාල පුද්ගලයන් එක් එක් ස්ථානවලින් වාහනයට නංවාගෙන ඇති බවද පොලිසිය පවසයි
අදාළ ඝාතනය සිදුකිරීමෙන් පසු ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක් මංකොල්ලකෑම සඳහාද සැකකරුවන්ගේ සැලසුමක් තිබී ඇති බවට අනාවරණය වූ බවද පොලිසිය පවසයි
2025 දෙසැම්බර් මස 16
93
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
897
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඝාතනයකට සැරැසුණු හතරක් කොට්ටාවේදී කොටුවෙයි