IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ඝාතනයකට සැගව සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු අල්ලයි

(ගයාන් සූරියආරච්චි)

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සොබනාහන්දි ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණියේ සුද්දා නැමැත්තාගේ මෙහෙයවීම මත පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට සූදානමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් ඊයේ (2) අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාලච්චේන ප්‍ර දේශයේ පදිංචි ‘මඩකලපුවේ රාජා‘ නමින් හදුන්වනු ලබන 36 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 ක් සහ මිලිග්‍රෑම් 900 ක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධකරුවකු වන කරන්දෙණියේ සුද්දා නැමැත්තාගේ මෙහෙයවීම යටතේ නාදුනන පුද්ගලයකු විසින් අත්අඩංගුවට ගත් සැකකරු යතුරුපැදියකින් මීටියාගොඩ ප්‍රදේශයට රැගෙනවිත් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු මීටියාගොඩ, ඩොමී ජයවර්ධන මාවත ප්‍රදේශයේ ලැගුම්හලක සිටියදී මීටියාගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙරද ගිනි අවියක් සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිරගතව සිටි අයකු බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් පරිදි ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්.ඒ.ඩී.ඊ.එල්. රන්දෙණිය මහතාගේ මෙහෙයවීම යටතේ මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

ඝාතනයකට සැගව සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 201 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 381 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site