(සුමිත් පොතුපිටිය )

මැණික් පතලක ඇතිවූ ආරවුලකදී ඉල්ලම් කූරකින්  පහරදී පුද්ගලයකු ඝාතනය කර , කපුවෙකු ලෙස වෙස් වලාගෙන වසර හතරක් සැගව සිටී පුද්ගලයකු අද (26) අත්අඩංගුවට ගත්බව තෙබුවන පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙබුවන , කෝට්ටයාහේන ප්‍රදේශයේ පදිංචි 30 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

සැකකරු මීට වසර හතරකට පෙර අයගම පොලිස් බලප්‍රදේශයේ දී මැණික් පතලක ඇතිවූ ආරවුලකදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී රත්නපුර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබියදී අධිකරණය මගහැර සිට ඇති බව පොලිසිය කීය.