(ඉන්දිකා රාමනායක)
අවිස්සාවේල්ල තල්දුව ද්විත්ව ගඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටියදි පොලිසිය සමග ඇති වු හදිසි තත්ත්වයකදි මියගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වු කේ ඒ මහේෂ් ධනංජය (22) නමැත්තා ගේ අවසන් කටයුතු සිදුකළ අද (18) දින පස්වරුවේ ජනතාව ප්‍රිති වෙමින් අවිස්සාවේල්ල නගරය හා අවට ප්‍රදේශය පුරා පැය 2 ට ආසන්න කාලයක් පුරා රතිඤ්ඥා දැල් වු බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
තල්දූව හංදිය, අවිස්සාවේල්ල නගරය, මානියංගම, ගලබලන කන්ද, ඇත්පන්තිය ඇතුලු ප්‍රදේශ රැසක පස්වරු 2.00 සිට ජනතාව මෙලෙස ප්‍රිති වෙමින් රතිඤ්ඤා දැල් වු බව අවිස්සාවේල්ල උසස් පොලිස් නිලධාරියෙක් කීය.
මොහුගෙන් ප්‍රදේශයේ ජනතාව එල්ල ව තිබු බලපෑම් හා පීඩන හමුවේ ජනතාව මේ ආකාරයෙන් ඔවුන්ගේ සතුට පලකරමින් රතිඤ්ඤා දල්වා තිබු බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුගෙන් ප්‍රදේශයේ ජනතාවට එල්ලව තිබු බලපෑම් හා පීඩන හමුවේ පොලිසිය කුමක් කරාද ???
බලන්න ඒ අසත්පුරුෂයා සාමාන්‍ය ජනතාව ට කොයිතරම් හිරි.හැර කරලද ?උසාවි එහෙම දැම්මා නම් කලු කපුටා සුදු වෙනතුරු මොල් ගහේ දළු එනතුරු නඩු අහලා නිදොස්කොට නිදහස් කෙරෙනවා.
මනුස්සකමෙ මනුස්සකම හදුනානොගත් මනුස්සයෙක්වෙන්ටපුලුවන්,නමුත් මියගියපසු මෙවන් ප්‍රතිචාර අනුමතකල නොහක්‍යි.
මානව හිමිකම් අප්පුහාමිලා මේ මරණය ගැන මොකද කියන්නෙ කියල අහන්න ආසයි.
අවුරුදු විසි එකක් නැත්නම් විසි දෙකක් කියන්නෙ දරුවො උසස් අධ්‍යාපනය ලබන වයසක් කියන්න පුළුවන් එහෙම වයසේදී කියන ආකාරයට සමාජයට විනාශයක් කරන්න පුළුවන් එකෙකුට තවදුරටත් සමාජයේ ඉන්න දුන්නා නම් කුමකින් කුමක් වෙයිද කියන්න බැහැ සමහර විට ප්‍රභාකරන් අභිබවා යන්න හැකියාව ලැබෙන්න තිබුනා කියලා හිතෙනවා
මරනයක් සම්බන්දව මෙවැනි අසාමාන්‍ය සැමරීම් සිදුවීමෙන් පෙන්නුම් කරන්නෙ ඔහු මෙපනකල් සාමාන්‍ය ජනතාවට බොහෝ දරුනු ලෙස හිංසා පීඩා කර අති බවයි. ණමුත් පෙලිසියෙ තරු පලඳපු ලොක්කො සහ අනෙකුත් නිලදාරින් මෙපන කාලයක් නිහඩ පිලිවෙතක් අනුගමනය කලෙ කාගෙ උවමනාවකටද කියන එක ප්‍රශ්නයක්.