(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වැට් බදු සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ ඝණ පූරණය නොමැති වීම නිසා පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තබනු ලැබීය.
පාර්ලිමේන්තුවේ ඝන පූරණය නැතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රශ්නයක් මතු කළේය.
ඝණ පූරණයක් නැතුව හොරට වැට් බද්ධ සම්මත කරගන්න උත්සාහ දරන බව ද මන්ත්‍රීවරයා කීය.
එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසූයේ වැට් බදු සංශෝධන පිළිබඳ ඡන්දය පවතින්නේ පස්වරුවේ බවයි.
අනතුරුව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා සභාවේ කටයුතු මඳකට නවතා ඝණ පූරණය කැඳවීමේ සීනුව නාද කරනු ලැබීය.
පාර්ලිමේන්තුවේ ඝන පූරණය සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් විසි දෙනෙක් සභා ගර්භයේ නොසිටීම නිසා සීනුව නාද කොට විනාඩි පහකට පසුව පෙරවරු 9:30 දක්වා සභාව කල් තබන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා නිවේදනය කළේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd