
(ඩයනා උදයංගනී)
ජනප්‍රිය ගායන ශිල්පි ගාමිණි සුසිරිවර්ධන මහතා අභාවප්‍රාත්ත විය. කලක් රෝගාතුරව පසුවූ ගාමිණී සුසිරිවර්ධන මහතා මියයන විට අවුරුදු 58 වැනි වියෙහි පසුවිය.
සිරස සුපර් ස්ටාර් දෙවැනි අදියරේ අවසන් 12 දෙනා අතරට පැමිණෙමින් ගායන ක්ෂේත්‍රයට පිවිසි ඔහු "දන්නවද මම දුකින්” , "ආව ගිය තැන් මා හා” , ”සල්ලි සල්ලි”, "රතු මැණිකේ" ආදී ගීත ගණනාවක් ගායනා කළේය.
ඔහු 'මගෝ ඩිගෝ ඩයි' චිත්‍රපටයට රංගනයෙන්ද දායක විය.
ගාමිණි සුසිරිවර්ධන මහතා දෙදරු පියෙකි.
ඔහුගේ දේහය බෙන්තොට, ඊගල්ස්, යාත්‍රාමුල්ල නිවසේ අද(14) සවස 4.00 සිට තැන්පත් කිරීමට නියමිත අතර අවසන් කටයුතු හෙට(15) සවස 5.00 ට බෙන්තොට ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායකයි... ඔබට අමාමහ නිවන්සුව අත්වේවා...!
ගාමිණී මල්ලියේ.... ඔබට නිවන් සුව...!
ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි