(යොහාන් භාසුර)
ගෑස් හිඟයක් ඇතිවේ යැයි බියෙන් පාරිභෝගිකයන් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ගබඩා කරගැනීමට පෙළඹීම නිසා ඇතැම් ප්‍රදේශවල ව්‍යාජ ගෑස් හිඟයක් නිර්මාණ වී ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා අද (28) පස්වරුවේ පැවසීය.
ඇතැම් පාරිභෝගිකයන් ඔවුන් සතුව ඇති ගෑස් සිලින්ඩර දෙක තුනට එකවර ගෑස් සහිත සිලින්ඩර මිලදී ගැනීමට පෙළඹී ඇතැයි කී සභාපතිවරයා ලිට්‍රෝ ගෑස් සමාගම සතුව අවශ්‍ය තරම් තොග ඇති බව ද සඳහන් කළේය.
සිය සමාගමේ දිනක සාමාන්‍ය ගෑස් සිලින්ඩර අළෙවිය 80,000 ක් වුවද පසුගිය දින දෙක තුළ අළෙවිය ලක්‍ෂ දෙක ඉක්මවා තිබූ බවත් ගෑස් හිඟයක් පිළිබඳව ජනතාව කිසිඳු බියක් තබානොගත යුතු බවත් තෙෂාර ජයසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි එදා ඉඳලා සිද්ද වුණේ... වැඩි කරනවා... ඒක මැකෙන්න හිඟයක් මවාපානවා. අන්තිමට ජනතාව ගොනාට ඇන්දෙනවා නිකන්ම...
දැන් ගෑස් හොයාගන්නවත් නෑනේ... මොකක්ද ඔබේ වගකීම...?
අන්තිමට කිලෝ 12.5 සිලින්ඩරයත් නැහැ.
ගෑස්, ෂොපින් බෑග්වලට හරි ප්ලාස්ටික් කෑන් වලට හරි ගන්න පුලුවනම් මමත් ගෙන්න ගන්නවා .ඇත්තටම මෙහෙම කියන්නෙ අපි කොන්ඩෙ බැදපු චීන්නු කියල හිතලද