(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ගාසා තීරයේ බෝම්බවලට තල්ලු කළ යුතු අය විචාරයක් නැතුව පාර්ලිමේන්තු සම්ප්‍රදාය විනාශ කරමින් සිටින බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"දැන් පාර්ලිමේන්තුවේ සංවේදී විෂයක් ගැන විවාදයක්.අහිංසක දරුවන් දස දහස් ගණනක් අමු අමුවේ  මරණවා.ඒ බෝම්බ වදින්න ඕන අය මෙහෙ ඇවිත් පාර්ලිමේන්තු සම්ප්‍රදායන් විනාශ කරනවා .අහිංසක දරුවෝ මැරෙනවා. ඒ බෝම්බ වලට තල්ලු කරන්න ඕන අය පාර්ලිමේන්තුවත් විනාශ කරලා  විනාස කරනවා.මේ ගැන කථානායකතුමා මීට වැඩිය මැදිහත්ව කටයුතු කරන්න යනුවෙන් ද මන්ත්‍රීවරයා කීය.