
ගාසා තීරයේ ග්‍රීක සධාර්මික දේවස්ථානයකට ඊශ්‍රායල ගුවන් හමුදාව පහරදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ගුවන් ප්‍රහාරය එල්ල වෙද්දී ගැටුම්වලින් බේරී පලස්තීන සිවිල් වැසියන් බොහෝ දෙනකු දේවස්ථානයේ රැඳී සිටි බව පැවැසෙයි. දේවස්ථානයට එල්ල වුණු එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල රජයට දැඩි විරෝධයක් එල්ල වීමට පටන්ගෙන ඇත.
ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීම ආරම්භ කළේ පසුගිය 7 වැනිදා සිටය. එදා සිට මේ දක්වා ගාසා තීරයට එල්ල වුණු ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 3,785 කි. තුවාල ලැබූ ගණන 12,493 කි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කෙලිද්දිත් ඔය ඉන්නවා කියන සුපිරි දෙයියා මොනවා කරනවාද දන්නැහැ. අල්ල පල්ලා...!