
(විමුක්ති එස් රුද්‍රිගු)
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ දරුවන් ලක්ෂ 9 අධික සීතලෙන්, කුසගින්නෙන් සහ ප්‍රමාණවත් පානීය ජලය නොමැතිව පීඩා විඳින බව ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක අශ්රෆ් අල් කුඩ්රා පසුගිය පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
එසේම ගැබිණි මාතාවන් 50000 ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවත් එම ගැබිණි මාතාවන්ට නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබෙන බවත් එහිදී කුඩ්රා පැවැසුවේය.ජිවිත බේරා ගැනීම සඳහා හැකි ඉක්මණින් ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් තිබෙන රෝහලක් වෙත රැගෙන යායුතු රෝගීන් 5300 ක් සිටින බවද අල් කුඩ්රා පැවැසුවේය.
පසුගිය ඔක්තෝබර් 7 වැනිදා සිට මේ දක්වා ඊශ්‍රායල හමුදාවේ ප්‍රහාර වලින් පලස්තීන වැසියන් 22,000 ක් පමණ ඝාතනයට ලක්ව ඇති බවත් තවත් 56500 ක් පමණ තුවාල ලබා ඇති බවත් පලස්තීන බලධාරීහු ප්‍රකාශ කළහ.මේ වනවිට ගාසා තීරයේ වෙසෙන පලස්තීන ජනතාවගෙන් සියයට 40 ක් සාගතයකට මුහුණ දීමේ අවදානමකට මුහුණපා සිටින බවද පලස්තීන බලධාරීහු පෙන්වා දුන්හ.
එසේම පලස්තීන වැසියන් මිලියන 1.5 කට ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් මේ වන විට නිවාස අහිමි වී තිබෙන බවද පලස්තීන බලධාරීහු ප්‍රකාශ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනීමරු යුදෙව්වෝ !!! දෙවෙනි ලෝක යුද්දෙදී හිට්ලර් ඕකුන්ව සම්පූර්ණයෙන් ඝතනය නොකළේ, අනාගතයේ ජීවත්වන ජනතාවට දැනගන්නලු" ඇයි හිට්ලර් යුදෙව්වන්ව ඝාතනය කළේ" කියලා ප්‍රායෝගිකවම දැනගන්නලු. මේ යුදෙව්වන්ගේ අවසාන හෝරාව නොවෙයි කියා කාටවත් කියන්න බැහැ. හැබැයි කිසිම දැනඋගත්කමක් නොමැති, ඔවුන්ට බැල මෙහෙවර කරන ලංකාවේ සමහර මෝඩයින් ඉන්නවා. ජුවන් හොඳයි කියන්න.