
ගාසා තීරයේ පිහිටි එකම පිළිකා ප්‍රතිකාර රෝහලට ද ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
තුර්කි පලස්තීන මිත්‍රත්ව රෝහල යනුවෙන් නම් කර ඇති මෙම රෝහල තුර්කියේ අනුග්‍රහයෙන් ඉදි කරන ලද්දකි.
ගාසා තීරයේ පිළිකා රෝගීන් 9,000 කට ප්‍රතිකාර ලබා දෙන එකම රෝහල මෙය යැයි අල් ජසීරා පුවත් සේවය පවසා තිබේ.
මේ අතර, ගාසා තීරයේ රෆා නගරේය පලස්තීන වැසියන් පිරිසකට ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාරයක් එල්ල කළේය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පලස්තීන සිවිල් වැසියන් 30 දෙනකු මියගොස් 21 දෙනකු තුවාල ලැබූ බවය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊශ්‍රායල හමුදාව ඔබ මිනිසුන්ද? මෙම කාර්යය සතුන්ට පවා සමාන කළ නොහැක. ඔබ සැවොම මුළු මිනිස් වර්ගයාටම පිළිකුලකි.
ඉශ්‍රාලය රජයක් විදියට නොව ත්‍රස්තවාදී සංවිධානයක් විදියට පහරදී පලස්තීනුවන් මරා දමමින් ඔවුන්ගේ දේපලත් විනාශ කරනවා. අති අමානුෂිකයි.