(යොහාන් භාසුර)
ලෝක වෙළෙඳපලේ ගෑස් ටොන් එකක මිල 2019 වසරට සාපේක්‍ෂව සියයට 80කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව සමූපකාර සේවාල අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියයි.
2019 වසරේ ලෝක වෙළෙඳපලේ ගෑස් ටොන් එකක මිල ඩොලර් 361 ක් වුවද මේ වන විට ටොන් එකක මිල ඩොලර් 651 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එයට සාපේක්‍ෂව කිලෝ 12ග5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1493 කට මිලකට අළෙවි කළ ද එම මිල රුපියල් 750 කින් වැඩි කිරීමට මාස හයක සිට ගෑස් සමාගම් ඉල්ලා සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය
රජයේ ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කිරීමේ වගකීම නිසා ගෑස් මිල වැඩි කිරීමට අනුමැතිය ලබානොදුන් බවත් අමාත්‍යවරයා ලෙස තමන් සහ රජය පාරිභෝගිකයා අපහසුතාවට පත්වීම වැළැක්වීමට පියවර ගනිමින් සිටින බවත් වැඩි දුරටත් කියයි
ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශකල පාර්ලිමේන්තු මන්ත්‍රී ආණ්ඩු පක්‍ෂයේ සහකාර සංවිධායක මොහොමඩ් මුසම්මිල් මහතාිලාෆ්’ ගෑස් පාරිභෝගිකයන්ට ඉක්මන් පිළියමක් යොදන ලෙස කරන ලද ඉල්ලීමට පිළිතුරු සපයමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එසේ ලිඛිතව පිළිතුරු සපයා තිබුණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ නිසාද හිඟේ ?
මින් කියන්න හදන්නෙ අකමැත්තෙන් වුවත් ගෑස් මිල වැඩි කිරීමට සිදුවන බවද ? ගෑස් වලටත් බදු සහනයක් ලබා දෙමින් පාරිභෝගිකයාට සහනයක් ලබා දෙමු.
එතකොට අර බුල්ඩෝග් මූනා කියන්නේ මිල වැඩි කරන්න ඉඩ දෙන්න බෑ කියලා . අපිට ජෝක් ටෝක්ස් දානවද.
මේ විදියට ඇත්ත ඇති සැටියෙන් කියන එක ගෑස් නැතිව ඉන්නවට වඩා හොඳයි. ආදායමත් අඩුවී ඇති නිසයි මේ අවස්ථාව ජනතාවට තවත් අමාරු. ඒත් මින් පස්සේ යන්තම් ඉඩකඩ තියන අය පුලුවන් වෙලාවට දර හරි පාවිච්චි කරයි. ලෝක යුද්ධය කාලෙත් මිනිස්සු අමාරුවෙන් හිටියනේ. හැබැයි ආණ්ඩුව ඇමති මණ්ඩලය අඩුකර නාස්තියත් අඩු කළ යුතුයි. නැතිනම් සමාජ පීඩනය මෙල්ල කල නොහැකි තරමට පුපුරා යා හැකියි...
පවු වැඩේ .මේ ප්‍රශ්න හින්දා 225 ට අලුත් ලෑන්ඩ් කෘසර් වහනයක්වත් ගෙන්න ගන්න බෑ. බදු රහිත
ආනයන මිල අනුව විකුණුම් මිල සංශෝධනය වීම පිලිගත හැකි වුවද සැපයූම අඩාල කරගෙන සාර්ථක ව්‍යාපාරයක් විනාශ කරමින් තීරණ ගැනීම ප්‍රමාද වීම අකාර්යක්ෂමතාවයයි.
ගෑස් ගෙන්වයිද ?ගෑස් පෙන්වයිද ?